කම්කරැ ජනතාව වෙනුවෙන් හඬනගන එකම දිනය අදයි..!
(ඈන් මිලිණි රෝෂිණි)
මෙලොව පවතින්නේ ජලයෙන් හා මව්කිරි වලින් සේම කම්කරුවන්ගේ දහදිය බිඳු වලින්ද බව කිව හැකිය.සෑම අවුරුද්දකම මැයි මස පළමුවනදා මැයි දිනය ලෙස සැලකේ.මැයි දිනයේ උපත 1886 මැයි 04 දා ඇමරිකාවේ චිකාගෝ නුවර කම්කරු ජනයා පැය අටක වැඩමුරය ඉල්ලා කල ‘හේමාකට් අරගලය’ ලොව ප්‍රථම කම්කරු අරගලය ලෙස සැලකේ.එතැන් පටන් ලොව කම්කරුදිනය ලෙස සලකන්නට මෙම ගත් මුල් උත්සාහය සැලකේ.
මෙහිදී එම වර්ජනය මර්දනය කිරීමට පොලිසිය වෙඩි තැබීමෙන් කම්කරුවන් එකොලොස්දෙනෙක් පමන මරමුවට පත්ව එකසිය විස්සකට අධික ප්‍රමාණයක් තුවාල ලබන්නට විය.
විදෙශයේ එසේ සිදුවන විට ලංකාවේ පළමු මැයි රැලිය 1890 සිට ලන්ඩනයේ කම්කරුවන් මැයි දිනය ආරම්භ කලද මෙරට මැයි දිනය ආරම්භ කල ඇත්තේ 1927 වසරේදීය.මෙරට පළමු මැයි රැලිය 1933 වසරේ පවත්වා ඇති අතර පා ගමන ආරම්භව ඇත්තේ කොළඹ ප්‍රයිස් පිටියෙන් ගාලුමුවදොර දක්වා බව සඳහන් ය.
වර්තමානයේ ද අතීතයේ මෙන්ම කම්කරුවා දෛනික අරගලයක පෙර සේම දෝලනය වන අතර ඇතැම් විට මෙදින දේශපාලන වාසි අවාසි ලබා ගන්නට වෙර දරන බවක්ද දක්නට ඇත.පැය අටක වැඩ මුරය වෙනුවෙන් සටන් කල කම්කරුවන් අද සටන් කරන්නේ ඔවුන්ගේ දිනය දා හිත් තුළ ඇවිලෙන දුක,කණගාටුව ප්‍රකාශ කරමිනි.කම්කරුවා යනු හුදෙක් වහලෙක් හෝ උපකරණ නොවන අතර,මෙලොව අතිශයින්ම දහදිය මහන්සියෙන් සිය බත සරි කරගන්නා අහිංසක ජන කොටසක්ම ය.අතීතයේ මෙන්ම වර්තමානයේ ද වර්තමානයේ මෙන්ම උපදින අනාගතයේද කම්කරුවා වෙනුවෙන් බොහෝ පාර්ශ්වයන් සිය ලාභ ප්‍රයෝජන පසෙකලා ඔවුන් වෙනුවෙන් කතා කරනු ඇත.කම්කරුදිනය සැබෑවටම කම්කරුවන් වෙනුවෙන්ද යන්න අප සිතා බැලිය යුතුය.