හැකර් ගිලගත් ඩොලර් මිලියන 2.5 ගැන ජනතාවට සත්‍යය හෙලි කරන්න..

මහාභාන්ඩාගාරයේ ඇමරිකානු ඩොලර් මිලියන 2.5ක මුදල හැකර්වරැන්ගේ ග්‍රහණයට ලක්විම සම්බන්ධයෙන් ශ්‍රිලංකා ජනතා පක්ෂය නිවේදනයක් නිකුත්කරමින් ඒ පිළිබදව ජනතාවට සත්‍යය හෙලි කලයුතු බව පවසයි.
එසේම එම නිවේදනය මගින් කියා සිටින්නේ මෙය හැකර් ප්‍රහාරයක්ද නැතිනම් අභ්‍යන්තර පාලනයේ අසමත්විමක්ද,ගෙවිම් සිදුකර ඇත්තේ ගිවිසුම් ගත ගිණුමකටද ,රාජ්‍යය මුදල් ගෙවිමේ ක්‍රියාවලියේ දි ආරක්ෂාව ක්‍රියාත්මක වුණේද,ඊමේල් පමණක් කියා වගකිම් අවසන්කල නොහැකි බවත්,වැඩතහනම් කිරිම ප්‍රමාණවත් නොවන බවත් ,පාර්ලිමේන්තු හා වෘත්තීය විමර්ශනයක අවශ්‍යය බවත් පෙන්වා දි ඇත.
එසේම රටේ මහජන මුදල් ආරක්ෂා කිරිමේ අත්‍යවශ්‍ය රාජ්‍යය වගකීමක් බවද එම පක්ෂය වැඩිදුරටත් සදහන් කරයි.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *