ආගමට මුවාවි විදේශිකයාගේ රඟපෑම..

(ඈන් මිලිනි රෝෂිණි)

සත්‍ය හා අසත්‍ය අතර

මීගමුව යනු ඕනෑම අයෙකු හොදින්ම දන්නා කතෝලික ජනයා වෙසෙන ඔවුන් මෙන්ම අනෙකුත් ආගමිකයන් ද අතිශය සමගියෙන් හා සාමයෙන් ජීවත්වන නගරයකි.කතෝලික භක්තිකයන්ගේ විශ්වාසය හා ඔවුන්ගේ දේවස්ථාන කෙතරම් නම් මෙහි තිබෙනවාද යන්න මෙම නගරයට පුංචි රෝමය යනුවෙන් කීමෙන්ම ඔබට සිතාගත හැකියි.

මීට දෙසතියකට පමණ ඉහතදී එක්තරා විදේශිකයෙකු කතෝලිකයන්ගේ අතිශය ගරු විශ්වාසට පත් අති උතුම් ජේසු තුමන්ගේ ස්වරූපයට සමාන ඇඳුම් ඇද එම දහම කියාදෙමින් තමන් ජේසුස් වහන්සේගේ අනුගාමිකයෙකු යැයි හදුන්වා දී තිබිණි.

මීගමුවේ සාන්ත මරියා දේවස්ථානයේ දී ද ශුද්ධවූ පූජාව අතරතුරදී මොහු පැමින පූජාව අවසන් වූ විට ජනතාව ආශිර්වාද කිරීමටද පටන් ගෙන තිබිනි.එහෙත් ඇතැම් නුවණ ඇති ජනතාව මෙය හුදෙක් රැවටීමක් බව සිතා කලබල නොවී එය නීත්‍යනුකූල ලෙස පියතුමා හා එක්ව නීතිය හමුවටගෙන විත් තිබිණි.

2026.04.07 වන දින මීගමුව, බ්‍රවුන්ස් බීච් (Brown’s Beach) වෙරළ තීරයේදී, තමන් ජේසුස් වහන්සේගේ අනුගාමිකයෙකු බව කියමින් ඔහු
වෙරළ තීරයේ සිටි පිරිසකට රුපියල් 5000/= බැගින් මුදල් ලබාදී ඇති බවට තොරතුරු අනාවරණය වි තිබුණි.

ජේසු අනුගාමිකයෙකු යැයි පැවසෙන ඔහු ඔහුගේ බිරිඳ හා මීගමුව, ජෙට්වින් බීච් හෝටලයේ තාවකාලිකව නවාතැන් ගෙන සිටි ඇත.නගරයේ බොහෝ දේවස්ථාන වල සැරිසරමින් මොහු අතිශයිනම අසාර්ථක රංගනයක් ඉදිරිපත් කර ඇත.

ක්‍රිස්තුස් වහන්සෙගේ ස්වරුපයට ඇඳ පැලද, විදේශිකයකු කතෝලික අපගේ දේවස්ථාන තුළ සැරිසරමින් හා ජනතා එක්‍ රැස් කිරීම් කරන්නට උත්සාහ දරමින් කල ඇත්තේ ආගමික නිග්‍රහ කිරීමක් බව තේරුම් ගත් මීගමුව දිසානායක ගරු සාගර හෙට්ටිආරච්චි පියතුමා මීගමුව පොලිස් ස්ථානය සමඟ සම්බන්ධවී කළ සාකච්ඡා හා ක්‍රියා මාර්ග හේතුවෙන් අදාළ විදේශිකයා මෙරටින් පිටුවහල් කිරීමට පියවර ගත් බව මිගමුව ශාසනාරක්ෂක බලමණ්ඩලයේ ලේකම් එම්මානුවෙල් පියුම්වර්ධන මහතා සිය ෆේස්බුක් පිටුවේ සටහන් කර ඇත.එයින් මේ ආකාරයේ බොරු චරිත මවා පාන්නන් දියවී ලැජ්ජවට පත්ව යනු ඇත.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *