පාස්කු ප්‍රහාරයට වසර 7ක් ගතවුවත් යුක්තිය බලාපොත්තු වෙමු..
පාස්කු ප්‍රහාරයට වසර 7ක් ගතවෙමින් පවතිද්දි මේ මොහොත වන විටත් යුක්තිය අහිමිව ගොස් ඇති අතර තවමත් වින්දිත ජනතාවට මෙන්ම සමස්ත ලාංකීය ප්‍රජාවම යුක්තිය පිලිබදව බලාපොරොත්තුවෙන් පසුවෙමින් පවති.
එවන් පසුබිමක CSR ආයතනයේදි වසර 7ක් යුක්තිය සොයා යන මැයෙන් පාස්කු ප්‍රහාරයන්ට ගොදුරැව වින්දිතයන් බවට පත් වු ජනතාව සිහිකරමින් යුක්තියේ අවශ්‍යයතාවය පිලිබදව මතකයන් දිගහැරැණි.
එහිදි ඉටිපහන් දල්වා පාස්කු ප්‍රහාරයන්ට ගොදුරැ වුවන් සැමරැම රොහාන් සිල්වා පියතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත් වු අතර ප්‍රාර්ථනා සටහන් සැමරැම් ස්ථානයේ රැදවිමද සිදුවිය.
ඔවුන් සෑමදෙනාගේම ඉල්ලිම වුයේද වසර 7ක් ගතවුවද යුක්තියේ බලාපොරෝත්තුවෙන් තවමත් පසුවන බවකි.