වෙසක් පොහොය දිනය ජාත්‍යන්තරයට ගෙනගිය සුන්දර මානව හිතවාදියා…
මැයි මාසය හෙවත් වෙසක් මාසයේ මුළු ලෝ වාසී බොදුණු ජනතාව විසින් සමරනු ලබන වෙසක් දිනය බුදු රජාණන් වහන්සේගේ ඉපදීම,බුද්ධත්වයට පත්වීම,පිරිනිවන්පෑම සිහිපත් කරයි.එතරම් උතුම් වූ වෙසක් දිනය ජාත්‍යන්තර සැමරුම් දිනයක් මෙන්ම නිවාඩු දිනයක් බවට පත් කල පුරෝගාමී මිනිසා වූයේ දිවංගත ගරු ලක්ෂ්මන් කදිරගාමර් මහතාය.
මෙරට විදේශ අමාත්‍ය ධූරය දරන ලද, රාජ්‍ය තාන්ත්‍රිකයෙක් වූ දිවංගත ගරු ලක්ෂ්මන් කදිරගාමර් මහතා 1999 සැප්තැම්බර් 23 වනදා එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 54 වැනි සැසිවාරයේ දී වෙසක් උත්සවය ජාත්‍යන්තර සැමරුම් දිනයක් ලෙසත් එක්සත් ජාතීන්ගේ නිවාඩු දිනයක් කරන ලෙසත් යෝජනාවක් ගෙන එනු ලැබුයේය.එහෙත් එකී යෝජනාව ඒකමතිකව සම්මවත වුවද වෙසන් දින ජ්‍යාත්‍යන්තර නිවාඩු දිනයක් ලෙස නම් කිරීමට එකඟතාවක් නොවූ බවත් කිව හැකියි.ඉන්පසුව ඊශ්‍රායලය ඔවුන්ගේ ආගමික උත්සවයක් එලෙසින් නිවාඩු දිනයක් බවට පත් කර ගැනීමට ඉදිරිපත් කල අතර හා එය සම්මත වූ පසුව එම අවස්ථාවේ නැවත තවත් ලාංකීය නියෝජිතයන් පිරිසක් සමඟ එක්සත් ජාතීන්ගේ අයවැය කමිටුවේ උප සභාපතිතුමිය ඇතුලු අය විසින් වෙසක් දිනය ජ්‍යාත්‍යන්තර නිවාඩු දිනයක් කිරීමේ යෝජනාව නිල ලෙස ඉදිරිපත් කරනු ලබනවා.එකී උත්සාහයේ ප්‍රතිඵලයක් ලෙසින් 1999දී ලක්ශ්මන් කදිරගාමර් මහතා ඉදිරිපත් කල යෝජනාව සම්මතයට පත් විය.
බොදුණුවෙකු නොවූවද බුදුන් වහන්සේ කෙරෙහි මහත් භක්තියක් තිබූ ශ්‍රී ලාංකික දමිළයෙකු වූ ලක්ශ්මන් කදිරගාමර් මහතා සිය ඒකායන බලාපොරොත්තුව සඵල කරගනු ලබනවා.අදටද අප නිදහසේ සමරනා මේ උතුම් වූ තෙමඟුල නිවාඩු දිනයක් වීමේ වෙහෙස පිටුපස අන් ජාතියක අයෙකු මුලීකව සිටීම අප රටේ ඇති සංහිදියාව ද මනාව කියාපාන්නක් ලෙසින් උදාහරණ දියහැකි වනවා.
එතරම් සේවයක් කල උතුම් හදවතක හිමිකරුවෙකු වූ ලක්ශ්මන් කදිරගාමර් මහතා 2005 අගෝස්තු දොළොස්වනදා ත්‍රස්තවාදී ප්‍රහාරයක් හේතුවෙන් සිය ජීවිතය අවාසනාවන්ත ලෙස නිමා කරනු ලබනවා.
අදටත් අප නොදන්නා සේවයක් කල දිවංගත ගරු ලක්ශ්මන් කදිරගාමර් මහතා කල සේවය අප කිසිදාක මතකයෙන් ඈත්ව නොයන්නට වගබලා ගත යුතු වෙමු.
සටහන :-රෝශිනී ප්‍රනාන්දු