ආදරණීයම අම්මා නුඹයි…

(රෝෂණි ප්‍රනාන්දු)

ලොව මව්කිරෙන් සැනහිය හැකි ඇය අම්මා නම් විය.අම්මා යනු අකුරු තුනක එක් පදයක් වුවද මේ මුලු ලොවම අම්මා යන්නෙන් සැනහෙන්නේය.ජීවියෙකු කුස ඵල ගත්දා සිටිම එකි ජීවියා වෙනුවෙන් ඇගේ මුලු ලොවක කැපකරන්නීය.ඇතැම් විට පිය පාර්ශවයෙන් හෝ කිසිත් උදව්වක් සෙනෙහසක් නොලැබුනද ඇය සිය දරුවන් හදාවඩා උස්මහත් කරන්නේ සිය වේදනාවන්,අනිවාර්ය සුවපහසු නින්ද,ඇගේ ආශාවන්,ඇගේ ආහාර පාන ගැනවත් සැලකිල්ලක් නොකරගෙනය.ඇතැම් මව්වරුන් සිය පවුලේ බර කරට ගෙන රැකියාවක නිරතවන්නීය.ඇය රැකියාවේද දහසකුත් එකක් වැඩපල කරගෙන එහි කාලය අහවර වූ පසුව නැවත නිවසේ වැඩ රාජකාරි අතර සිර වන්නීය.අම්මා යනු ඉතා සැහැල්ලුවෙන් කිවහැකි අන්දමේ තනතුරක් නොවන අතර ඇය දුක්වන විට ඇය වටා ඇති සමාජීය පවුලම ශෝක වන්නේය.අම්මා වෙනුවෙන් කෙලෙසකවත් තවත් ආදේශක මෙලොව නැත.

ලොව පුරා සියලුම ආදර මව්වරුන් සිය දරුවන්ගේ සුව දායක අනාගතය වෙනුවෙන් සිහින මවන්නෝය.ඇයට ඇය නොලද දෑ දරුවන් වෙනුවෙන් ලැබෙන තුරු ඇය සිහින කප්පරක් සිහින මවන්නීය.

අම්මා යන උතුම් වචනයට නිගරුදෙන නිගා දෙන ඇතැම් කාන්තාවන්ද මේ සමාජය තුල නැතුවාම නොවේ.සිය කුසෙන් මෙලොව එලිය දුටු දරුවා ගස් ගල් සේ මහ මඟ,කැලෑ මඟ,කුඹුරු,වතුවල,නොඑසේනම් වැසිකිලි වලවල් තුල දමායන කුරිරු කාන්තාවම් කිසිසේත්ම අම්මා යන උතුම් නමට නුසුදුසුය.ඔවුන් ලද ඒ මහා අනර්ඝමත් පදවිය ඒ කිරුළ ඔවුන්ට අතිශයින්ම නොවටිනේය.

දසමස කුස දරා ඇතිදැඩි කරන දරුවා නිසාවෙන් සිය දවස, සිය කාලය නොනිම් ලෙස කැපකරනා මව්වරුන් මෙලොව ආභරණයක් වන්නේය.ඇයවන් මවක් ලබනා දරුවන් වාසනාවන්තම දරුවන් බව කිය හැක්කේය.

ලොව තාක්ෂණය නැමැති කටු ඔටුන්නෙන් වැසුනු පසුව ඇතැම් දරුවන්ද යාන්ත්‍රික වූවාට සැකයක් නැත.ඇතැම් දරුවන් නිසාවෙන් වැඩිහිටි නිවාස වල තවමත් අසරණ සුසුම් හඬවල් බොහෝමයක් ඇසෙන්නේය.අතිශයිනම දුක්ඛ දායක කරුණ නම් එවැනි මව්වරුන් මෙන්ම පියවරුන්ද අකාලයේ සුසුම්ලමින් ඒ ගොඩනැගිලි තුළම මිය යාමයි.

ලොව පුරා වෙසෙන සෑම මවක්ම රැජිණියක්‍ ය.ඔවුන්ගේ ආර්ථිකය කෙසේ වුවත්,ඇය ඇඳ පැලඳ සිටින අයුරු කෙසේ වුවත් ඇය මව්වත් කිරුලේ සුදුස්සියෙකි.

මෙලොව මව්කිරෙන් සැනහී තවමත් අම්මා නම් උතුම් ලඳගේ උකුලේ නැලවෙන්නේය.කිසිවෙකුට වෙනස්කල නොහැකි ස්වභාවිකත්වය එය වීය.
දෙවැනි බුදුන් ලෙස ලොවම සරසනා සියලූම අම්මාවරුනි
ඔබට සුභ අම්මාවරුන්ගේ දිනයක් වේවා…!!!

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *