යුක්තිය ඉටුවන තුරු රටම අවදියෙන්…

ගැහැණු දරුවෙකු,යනු පිපෙන්නට මෙන්ම පිපී සුවඳවත් ව ලොවක් සනසන්නට මෙන්ම සිප් සතර හොඳින් ඉගෙන ගෙන ඉන් පසුව දිනක මවක්ව රටකට යහපත් දරුවන් දායාද කරන්නට සිටිනා තැනැත්තියකි.අකාලයේ මිලින වන මල් කැකුළු ගැන ආරංචි අප සවන වැකෙනුයේ කලාතුරකින් නොවන අතර ඒවා ඇසෙන ක්‍රම සහ ඒවාට සම්බන්ධ පුද්ගලයින් දෙස බැලූ විට මහජනයාට ‘අනේ අපොයි’ යයි කියැවෙන්නේ නිරායාසයෙනි.

අනුරාධපුර අටමස්ථාන විහාරාධිපතිතුමන් වන පල්ලේගම හේමරතන හිමි
විසින් අවුරුදු පහළොවක පමන දැරියක් අපයෝජනයට ලක් කලේයැයි මාධ්‍ය ඔස්සේ විකාශනය වීමත් සමඟ ජනතාව අතර ඒ සිද්ධිය මහත් කලකිරීමක් සමඟම දෝංකාර දිණි.

සිය මව විසින් තමාව එකී ස්වාමීන් වහන්සේ වෙතට යොමු කල බවත් අවස්ථා කිහිපයකදීම පල්ලේගම හේමරතන හිමියන් විසින් තමා හට දුරකථන ඇමතුම්ද ලබා දුන් බව ඒ දැරිය විසින් පවසා තිබුණා.

තත්වය පිළිබඳව විමර්ශනය වෙමින් තිබෙන කලක,දැරියට විරුද්ධව මෙන්ම අටමස්ථානාධිපතිටද එරෙහිව කතාබහ සමාජ මාධ්‍ය ඔස්සේ පැතිරී ගිය අතර සර්වජන බලය දේශපාලන පක්ෂයේ දිලුම් අමුණුගම මහතා සිදුකල බරපතල ප්‍රකාශයක් මෙහිදී කැපී පෙනුනි.සත්‍ය අසත්‍යතාව පිළිබඳව සියයට සියයක් නිවැරදිව නොදැන එක්තරා පාර්ශවයකට බරපතළ ලෙසින්ම ප්‍රකාශයක් සිදු කිරීම තුළින් ජනතාව තුළ මතුව ඇත්තේ බලවත් නොරිස්සුමකි.

දැරියගේ පාර්ශවය වෙනුවෙන් නීතීයේ සහය දුර්වල ව මුල් අවස්ථාවේ සිටියද මේ වන විට දැරිය වෙනුවෙන් නීතීඥවරුන් ඉදිරිපත්ව තිබෙන අයුරු දකින්නට හැක.ඇතැම් ප්‍රභල කාන්තා සංවිධාන තවමත් මුනිවත රකින බවක් දක්නට ලැබෙන අතර ඇතැම් සංවිධානව වල දෑස් දැන් දැන් දැරියගේ තත්වය සොයා බැලීම කෙරෙහි යොමුව තිබෙනවා.

නීතිය සහ සමාජය කෙලෙසකින් මේ ගැටළුව විසඳනවාද යන්න බලාසිටින විටම අප අප විසින්ම කෙතරම් නම් මෙවන් සිද්ධීන් සුළු කොට තකනවාද යන්න සිතා බැලිය යුතුවන අතර වින්දිත දරුවන් සිද්ධියෙන් පසු ව ඇතිවන මානසික පීඩනයට කෙලෙස මුහුණදෙනවාදැයි යන්නට සිතා බැලිය යුතු වනවා.
දිනෙන් දින ඇසෙන මෙ ආරංචි වලට අනුගත නොවී තම දරුවා මෙන්ම අනෙක් දරුවන්ද තමන්ගේ යැයි සිතන්නට මේ කාලය යැයි සිතිය යුතුය.

කාමාතුරයනට නීතියේ රැහැන් තවත් බැඳිය යුතුවන අතර යළි දිනකට පාපි අදහසක් ඇතුව දරුවෙකු දෙස බලන්නට පවා බියවන තරමට නීතිය ක්‍රියාත්මක විය යුතුය.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *