අපි තේ කහට වෙලාවට ඒ පිටුපස තිබෙන වේදනාත්මක ජීවිත මතක් කරමු..

පසුගිය දා අනුරපුර විවේකානන්ද දෙමල විද්‍යාලයේ දි ඌව ශක්ති පදනම සහ අනුරපුර පුරවැසි කමිටුව මගින් මලෛයහ ප්‍රජාවගේ ජීවිතයේ සැගවුණු කතාව ජායාරැප දැක්ම ගැන ලියවුණ සටහන මෙලෙස තැබුවේ ගංගානි දිසානායකය..

තේ කහට ජායාරූප ප්‍රදර්ශනය…මලයගම් දෙමළ කියන්නේ භාෂාවක් විතරක් නෙවෙයි…
ඒක පරම්පරාවෙන් පරම්පරාවට පැවති ජීවිත අරගලයක කතාවක්.
අපි දිනපතා බොන තේ කෝප්පයක් ඇතුළේ සැඟවුණු මිනිස් ජීවිත ගණනාවක කතාවක්.


බ්‍රිතාන්‍ය යුගයේදී මේ රටට ගෙනා ඔවුන්, දශක ගණනාවක් තිස්සේ කඳුකරයේ ජීවත් වෙමින්, මහන්සියෙන් අපේ රටේ ආර්ථිකයට විශාල වටිනාකමක් එකතුකරනවා. ඒත්, ඒ මහන්සියට සරිලන ගෞරවයත්, අවස්ථාත්, බොහෝ වෙලාවට ඔවුන්ට ලැබුණේ නැහැ.
ඒ නිසාම “ තේ කහට Campaign” වැනි උත්සාහයන් ඉතාමත් අර්ථවත් වෙනවා.
ඒක නිකම්ම තේ කෝප්පයක් පමණක් ගැන කියවෙන කතාවක් නොව‍යි. ඒක පිටුපස තියෙන මිනිසුන්ගේ වේදනාත්මක කතාවක්. කඳුකරයේ තේ වත්තේ ජීවත්වන අම්මලාගේ අතේ තියෙන ගැඹුරු කැළැල්, දරුවන්ගේ නොකී සිහින.. මේ සියල්ල අපට මතක් කරවන්නේ වේදනාත්මක හඬක්.
ඒ වගේම, අද සිදුකල මේ ඡායාරූප ප්‍රදර්ශනය හරහා අපිට දකින්න ලැබෙන්නේ අංක නොව, දත්ත නොව… ජීවිත පමනයි.
වියළුණු අත්, තෙත් වූ මූණු, හිනා වුනත් ඇස්වල තවමත් තිබෙන වේදනාව…
මේවා බලනකොට, “අපි කොච්චර දුරට ඔවුන්ව අමතක කරලාද?” කියන ප්‍රශ්නය හිතට එනවා.


මලයගම් දෙමළ ජනතාව අපේ රටේ “පිට මිනිස්සු” නෙවෙයි.
ඔවුන් අපේම මිනිස්සු.
ඔවුන්ගේ ගෞරවය, අයිතිවාසිකම්, සහ ජීවිතයේ වටිනාකම ගැන කතා කිරීම අපේ වගකීමක්.
අපි තේ බොන වෙලාවට, ඒ රසය පිටුපස තියෙන වේදනාත්මක ජීවිත මතක් කරමු. ස්තූතිවන්ත වෙමු.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *