2026 – කෝඩ‍්‍රෑන්ගල් කුසලාන ගොල්ෆ් තරගාවලිය සාර්ථකව අවසන් විය.

ශ‍්‍රී ලංකා ගුවන් හමුදාව පස්වන වරටත් සංවිධානය කරනු ලැබූ කෝඩ‍්‍රෑන්ගල් කුසලාන කාන්තා සහ පිරිමි අන්තර් සමාජ ගොල්ෆ් තරගාවලිය අද (2026 ජූනි 14) දින ප්‍රථම වතාවට ගුවන් හමුදාව සීගිරිය සිටඩෙල් ගෝල්ෆ් ක්‍රීඩා පිටියේදී ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් බන්දු එදිරිසිංහ මහතාගේ ප්‍රදානත්වයෙන් පැවැත්විය.

මෙම තරගාවලිය සඳහා දෙස් විදෙස් තරඟකරුවන් 60කට අධික පිරිසක් සහභාගීත්වයෙන් පැවැත්වුණු අතර මේ සදහා ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛ පෙලේ ගෝල්ෆ් ක‍්‍රීඩා සමාජ 4ක් වන ගුවන් හමුදා ඊගල්ස් ගෝල්ෆ් ලින්ක් ක‍්‍රීඩා සමාජය, රෝයල් කලම්බු ගෝල්ෆ් ක‍්‍රීඩා සමාජය, වික්ටෝරියා ගෝල්ෆ් ක‍්‍රීඩා සමාජය හා නුවර එළිය ගෝල්ෆ් ක‍්‍රීඩා සමාජය සහභාගී විය.

තරගාවලියේ ප‍්‍රසාද ලකුණු 322ක් ලබාගනිමින් සමස්ථ ශූරතාව දිනා ගැනීමට රෝයල් කලම්බු ගෝල්ෆ් ක‍්‍රීඩා සමාජය සමත් විය, වික්ටෝරියා ගෝල්ෆ් ක‍්‍රීඩා සමාජය දෙවන ස්ථානය දිනා ගත් අතර නුවර එළිය ගෝල්ෆ් ක‍්‍රීඩා සමාජය තෙවන ස්ථානය යන පිළිවලින් දිනා ගන්නා ලදිී. තරගාවලියේ දක්ෂතම ක‍්‍රීඩකයා ලෙස වික්ටෝරියා ගෝල්ෆ් ක‍්‍රීඩා සමාජයේ හරූන් අස්ලම් සහ තරගාවලියේ දක්ෂතම ක‍්‍රිඩිකාව ලෙස ප්‍රවීනා දුනුවිල්ල සම්මාන දිනා ගත්තේය.

මෙම තරඟාවලියේ ප්‍රධාන අනුග්‍රාහකත්වය ජැට් හෝල්ඩින්ග්ස් (පුද්ගලික) සමාගමේ දායකත්වය ද සම අනුග්‍රාහකයින් ලෙස බ්‍රවුන්ස් ඊවී (පුද්ගලික) සමාගම සහ LOLC ෆයිනෑන්ස්, ජෙට්වින් හොටෙල්ස් ලිමිටඩ්, NCG හෝල්ඩින්ග්ස් (පුද්ගලික) සමාගමේ, TVS ලංකා (පුද්ගලික) සමාගම යන ආයතන වලින් ලබා දුන් අතර, ජයග‍්‍රාහක ජයග‍්‍රාහිකාවන් සදහා කුසලාන ප‍්‍රධානය කිරීම සීගිරිය සිටඩෙල් ගෝල්ෆ් ක්‍රීඩා පිටියේදී පැවැත්විණි.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *