ආසියානු වෙරළ ක්‍රීඩා – 2026 සඳහා ගුවන් හමුදාවෙන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 17 දෙනෙකුගේ නියෝජනයක්


චීනයේ පැවැත්වීමට නියමිත 06 වන ආසියානු වෙරළ ක්‍රීඩා තරගාවලිය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කරමින් ගුවන් හමුදා ක්‍රීඩක ක්‍රීඩිකාවන් 17 දෙනෙකු සහභාගී වීමට නියමිත ඇත.මෙම තරගාවලිය 2026 අප්‍රේල් 22 සිට 30 වන දින දක්වා පැවැත්වේ.
මෙම තරගාවලිය සඳහා සහභාගී වන ගුවන් හමුදා කණ්ඩායම මලල ක්‍රීඩා, හෑන්ඩ් බෝල්, වොලිබෝල්, මල්ලවපොර සහ කබඩි යන ක්‍රීඩා අංශ නියෝජනය කරමින් තරඟ වැදීමට නියමිතව ඇති අතර ශ්‍රී ලංකා කාන්තා හෑන්ඩ් බෝල් කන්ඩායමේ නායකත්වය ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ කොප්‍රල් පූර්නිමා එරන්දිටත්, ශ්‍රී ලංකා පිරිමි කබඩි කන්ඩායමේ නායකත්වය නායක ගුවන් භට චමින්ද සමරකෝන් හටත් හිමි වී ඇත.
ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් බන්දු එදිරිසිංහ මහතා විසින් 06 වන ආසියානු වෙරළ ක්‍රීඩා තරගාවලිය සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදාව නියෝජනය කරන ක්‍රීඩක ක්‍රීඩිකාවන් හට 2026 අප්‍රේල් මස 16 වන දින ගුවන් හමුදා මූලස්ථානයේදී සිය සුභ පැතුම් පිරිනමන ලදී.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *