ආසියානු වෙරළ ක්‍රීඩා උළෙලේදී පදක්කම් දිනූ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ගුවන් හමුදාවෙන් උසස්වීම්
චීනයේ පැවැති 6 වන ආසියානු වෙරළ ක්‍රීඩා තරගාවලියේදී මල්ලවපොර, කබඩි, දුර පැනීම යන ඉසව්වන්ගෙන් පදක්කම් දිනාගනිමින් ශ්‍රී ලංකා නාමය ජාත්‍යන්තරය හමුවේ බබළවන්නට සමත් වූ ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඇගයීමේ උත්සවයක් ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් බන්දු එදිරිසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (2026 මැයි 06) දින ගුවන් හමුදා මූලස්ථානයේදී සිදු විය.
මෙම සුවිශේෂී දක්ෂතාවයන් අගයමින් ඔවුන් ගුවන් භට හා නායක ගුවන් භට තනතුරේ සිට කෝප්රල් තනතුර දක්වා උසස් කිරීම සිදු කෙරුනු අතර මෙම උසස්වීමට අමතරව එම ක්‍රීඩක ක්‍රීඩිකාවන් ලැබූ ජයග්‍රහණය උදෙසා විශේෂ මුදල් ත්‍යාගද පිරිනමන ලදී.
මෙහි ඇති තවත් සුවිශේෂී කරුණක් වන්නේ මෙම ජයග්රහණයන් පිටුපස සිටි දැවැන්ත ශක්තිය වූ ඔවුන්ගේ පුහුණුකරුවන්ද ගුවන් හමුදාවේ ඇගයීමට ලක්වීමයි. මෙම ජයග්‍රහණනයන් කරා ක්‍රීඩක ක්‍රීඩිකාවන් මෙහෙයවූ පුහුණුකරුවන් හටද ගුවන් හමුදාපතිතුමා විසින් විශේෂ මුදල් ත්‍යාග පිරිනැමීමද මෙහිදී සිදු විය.
මෙහිදී පදක්කම් දිනා ගත් ක්‍රීඩක ක්‍රීඩිකාවන් පහත පරිදි වේ
මල්ලවපොර – කොප්රල් නිපුනි වාසනා ධර්මධාස – රන් පදක්කම
කබඩි කාන්තා – කොප්රල් හංසිකා බන්ඩාර – රිදී පදක්කම
කබඩි කාන්තා – කොප්රල්ශානිකා බන්ඩාර – රිදී පදක්කම
කබඩි පිරිමි – කොප්රල් චමින්ද සමරකෝන් – ලෝකඩ පදක්කම
දුර පැනීම කාන්තා – කොප්රල් ශෂිකලා ලංකාතිලක – ලෝකඩ පදක්කම