Quadrangle කුසලාන වාර්ෂික ගොල්ෆ් තරඟාවළිය 2026


ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් 05 වන වරටත් සංවිධානය කරනු ලබන ‘Quadrangle Cup 2026’ (කාන්තා සහ පිරිමි) ගොල්ෆ් තරඟාවලිය, 2026 ජූනි මස 13 සහ 14 යන දිනවලදී පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර ඇත. ප්‍රථම වතාවට සංචාරක ආකර්ෂණීය ප්‍රදේශයක් වන සීගිරිය ගුවන් හමුදා සිටඩෙල් ගෝල්ෆ් ක්‍රීඩාංගණයේදී මෙම තරඟාවලිය පැවැත්වේ.
මෙම තරගාවලිය සදහා ප්‍රධාන අනුග්‍රාහක දායකත්වය, JAT HOLDING පුද්ගලික සමාගම විසින් සපයන අතර එයට අදාල චෙක්පත පිරිනැමීම JAT HOLDING පුද්ගලික සමාගමේ විධායක අධ්‍යක්ෂ ඒලියන් ගුනවර්ධන මහතා විසින් ගුවන් හමුදා නියෝජ්‍ය මාන්ඩලික ප්‍රධානී ඒයාර් වයිස් මාර්ෂල් ගිහාන් සෙනෙවිරත්න මහතා වෙත නිල වශයෙන් පිරිනමන ලදී .
මෙහිදී මෙම තරගාවලිය සඳහා සම අනුග්‍රාහකයින් ලෙස බ්‍රවුන්ස් ඊවී (පුද්ගලික) සමාගම, LOLC ෆයිනෑන්ස් සමාගම, ජෙට්වින් හොටෙල්ස් ලිමිටඩ්, NCG හෝල්ඩින්ග්ස් (පුද්ගලික) සමාගම, TVS ලංකා (පුද්ගලික) සමාගම අනුග්‍රාහකත්වය සපයනු ලබයි.
මෙම තරගාවලිය සඳහා දිවයිනේ ප්‍රමුඛතම ගෝල්ෆ් ක්‍රීඩා සමාජ වන Colombo Royals, Victoria, Nuwara Eliya සහ Eagles’ Golf Links නියෝජනය කරමින් දේශීය ක්‍රීඩක ක්‍රීඩිකාවන් විශාල පිරිසක් ද සිය ලියාපදිංචිය තහවුරු කරගෙන ඇත.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *