ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ක්‍රිඩක ක්‍රිඩිකා⁣වෝ වර්ණ රාත්‍රියේ දි පිදුම් ලබයි..

ගුවන් හමුදා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ සුවිශේෂී දක්ෂතා ඇගයීම වෙනුවෙන් සංවිධානය කෙරෙන ගුවන් හමුදා ක්‍රීඩා වර්ණ රාත්‍රිය, ආරක්ෂක ලේකම් විශ්‍රාමික එයාර් වයිෂ් මාර්ශල් සම්පත් තුයියකොන්තා මහතාගේ ප්‍රධානත්වයෙන් 2026 ජූනි මස 02 වන දින රත්මලාන ‘ඊගල්ස් ලේක්සයිඩ්’ ශාලාවේදී උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි. මෙවර 2024 සහ 2025 වසර සදහා දේශීය හා ජාත්‍යන්තර තලයේ දක්ෂතා දැක්වූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් 465 දෙනෙකු අතරින් වර්ණ 206 ක් සහ විශේෂ දක්ෂතා වෙනුවෙන් රන් සම්මාන 80 ක් පිරිනැමිණි.

වසරේ විශිෂ්ටතම ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට හිම් කුසලාන පිළිවෙළින්

2024 වසරේ දක්ෂතම ක්‍රීඩකයා – කැරම් ක්‍රීඩක කෝප්‍රල් නිම්නෙත් පීරිස්

2024 වසරේ දක්ෂතම ක්‍රීඩිකාව – කැරම් ක්‍රීඩිකා කෝප්‍රල් තෂ්මිලා කාවින්දී

2024 වසරේ නැගී එන ක්‍රීඩකයා – පිහිණුම් ක්‍රීඩිකා පියාසර නිළධාරි සාවින්දී ජයවීර

2024 වසරේ විශිෂ්ටතම ක්‍රීඩා සංචිතය – (පිරිමි) දුනු විදීමේ සංචිතය හා (කාන්තා)හැන්ඩ්බෝල් සංචිතය

2025 වසරේ දක්ෂතම ක්‍රීඩකයා – හෙල්ල විසි කිරිමේ ක්‍රීඩක කෝප්‍රල් රුමේෂ් තරංග

2025 වසරේ දක්ෂතම ක්‍රීඩිකාව – මලළ ක්‍රීඩිකා කෝප්‍රල් නිශේන්ද්‍රා ප්‍රනාන්දු

2025 වසරේ නැගී එන ක්‍රීඩකාව – බර ඉසිලීමේ ක්‍රීඩිකා නායක ගුවන් කාන්තා තුෂාලා ගුරුගම

2025 වසරේ විශිෂ්ටතම ක්‍රීඩා සංචිතය – (පිරිම්) මල්ලවපොර කණ්ඩායම හා (කාන්තා) බර ඉසිලීමේ කණ්ඩායම

2024 සහ 2025 වසරේ හොඳම ක්‍රීඩා කඳවුර – ශ්‍රී ජයවර්ධනපුර කඳවුර.

මෙහිදි ක්‍රීඩා සංචිතවල කළමනාකරුවන් සහ පුහුණුකරුවන් ඇතුළු සියලුම දෙනා ගුවන් හමුදාපතිතුමාගේ විශේෂ ඇගයීමට ලක් විය. ගුවන් හමුදා ක්‍රීඩා කවුන්සිලයේ සභාපති එයාර් මාර්ෂල් බන්දු එදිරිසිංහ මහතා ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලය, ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ ක්‍රීඩක ක්‍රීඩිකාවන් විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් පැවැත්වුණු මෙම උත්සවය ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ක්‍රීඩා අභිමානය මැනවින් ලොවට විදහා පෑ අවස්ථාවක් විය

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *