යුක්තිය උදෙසා යදින්නට…
(ඈන් මිලිනි රොශිණි)
2019/04/21 වන දින හෙවත් පාස්කු දිනය ශ්‍රී ලාංකික මෙන්ම ලොව වටා සිටිනා සියලුම කතෝලිකයන්ගේ ජීවිත වල අඳුරු මතක එක් කල දිනයක් වීය.එනම් මරාගෙන මැරෙන ත්‍රස්තවාදීන් විසින් රට පුරා කතෝලික දේවස්ථාන කිහිපයක මෙන්ම සංචාරක හෝටල් කිහිපයක් ම ඉලක්ක කර එල්ල කල ඒ බෝම්බ ප්‍රහායන් නිසාවෙනි.
කටුවාපිටිය දේවස්ථානය
කොළඹ කොච්චිකඩේ සාන්ත අන්තෝනි දේවස්ථානය
මඩකලපුව සියෝන් දේවස්‍ථානය මෙන්ම
සංචාරක හෝටල් කිහිපයකටම ප්‍රහාර එල්ල විණි.එක් දිනකදී ලංකාවාසී ජනතාවම ශෝකාකූලාව භීතියෙන් ඇලලී ගියේ එම ප්‍රහාරයෙන් අපගේම සහෝදර ජනතාව දෙසිය හැත්තෑ අටදෙනෙකුටම ජීවිත නැති කර ගනිමිනි.බිරිඳට සැමියාත්,සැමියාට බිරිඳත් මෙන්ම දරුවන්ට දෙමාපියන්වත් අහිමි කරවමින් කල ප්‍රහාරයට මේ මස විසි එක්වන දින සපිරෙන්නේ වසර හතකි.
එම නිසාවෙන්ම කොළඹ අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් තුමන් විසින් 2026/04/19 වන දින විශේශ පූජාවක්ද සංවිධානය කර තිබිනි.මිනිස් ජීවිත නැති කර දමමින් හා පන්සියයකට අධික පිරිසකට තුවාල කරමින් සිදු කරන ලද මේ ප්‍රහාරය කලේ කවෘන්ද ඒ කුමන හේතුවක් සඳහාද යන්න පරීක්ෂණ ඔස්සේ ඉක්මනින්ම තහවුරු වේවායැයි කියා සිදුකරන්නට යන මේ පූජාවට අනිවාර්යයෙන්ම සෑම දේවස්ථානයකටම පැවැත්වීමට කටයුතු යොදා අවසන් ය.
හිත තුල සෝ තැවුල් හා යුක්තිය ඉල්ලා ශෝකවන්නන්ගේ ඉල්ලීම් හෙට දිව්‍ය පූජාවේදී ඔප්පු වනු ඇතිය.