තැපැල් කණු සරසන එංගලන්ත සංස්කෘතියඑංගලන්තයේ ඇති හරි අපූරු සංස්කෘතික භාවිතාවක් නම් තැපැල් කණු උඩ සැරසීමයි.

මේවා මිනිසුන් විසින් පරිස්සමට වූල්වලින් ගොතා සරසනු ලැබේ. එංගන්තයේ මිනිසුන්ට වූල් ගොතන්නට තරම් වෙලාව ඇද්ද? ඇත්තටම එය ඔවුන්ගේ ජීවන කලාවකි. වූල් වර්ග පමණක් ඇති කඩ වීදිවල අනිවාර්යෙන්ම එකක් දෙකක් ඇත. ඔවුන් තවමත් අතින් වූල් ජර්සි ගොතයි. මේස් ගොතයි. සාමාන්‍යයෙන් ඉරිදාට ඇති “කාර් බූට්” සේල් එකේ වූල් නූල් පන්දු විකිණීමට අනිවාර්යෙන්ම තිබේ.

අනික් අතට එංගන්ත වැසියන් කලබලකාරී නැත. ඇවිදින්නේද හිමිනි. වාහන පදවන්නේ ද හිමිනි. පරිස්සමටය. පොදු ප්‍රවාහනනයේදී බසයෙන් දුම්රියෙන් බසින්නේ ද හිමිනි. තමනන්ගේ වාරය පැමිණි පසුවය. ඔවුන්ට තවමත් වූල් ගොතන්නට තරම් වූ විවේකයක් ඇත. මේවා හරි අපූරු කලා නිර්මාණ වේ.
මේවා සරසන්නේ විවිධ අවස්ථා සඳහාය. උදාහරණ ලෙස නත්තලට, පාස්කුවට, හැලෝවීන්වලට තැපැල් කණු මුදුනත වසා විවිධ සැරසිලි කරන්නට ඔවුන් පුරුදුව ඇත.
ඇතැම් විට රාජකීය උත්සව, ජුබිලි, සංවස්තර සැමරීමට ඔවුහු එසේ කරති. චාල්ස්ගගේ රාජ ප්‍රාප්තිය අවස්ථාවේද එසේ සරසනු ලැබිණි. ඇතැම් විට විවිධ ප්‍රජා දැනුවත් කිරීම් සදහා ද එවැනි සැරසිලි කරති. ඇතැම් සෞඛ්‍යමය ප්‍රවර්ධනයන් සඳහා අරමුදල් රැස් කිරීමට ද මෙසේ සරසන අවස්ථා ඇත.

කෙසේ වුවත් මේවා කරන්නේ අසල්වැසි නිවැසියන් විසිනි.
තාක්ෂණය කොතරම් දියුණු වුවත් තවමත් එංගන්තයේ තැපැල් සේවාව ක්‍රියාත්මකය. රතු පාට රෝයල් මේල් වෑන් එකේ ලියුම් රැගෙනන එනඅතර රතු කෝට් එකක් පැළඳි පියුම් මාමා ලියුම් බෙදයි.

සංජීවනී රූපසිංහ

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *