මැද පෙරදිග ඇවිලෙන යුධ ගිනි.

ඉරාන–ඊශ්‍රායෙල යුද්ධය යනු, ඉරානයෙහි ප්‍රධාන හමුදාමය සහ න්‍යෂ්ඨික ස්ථාපිත ඉලක්ක කරමින් ඊශ්‍රායෙලය විසින් දියත්කල හදිසි ප්‍රහාරයක් හා සමගින් 2025 ජූනි 13 දිනදී ඉරානය සහ ඊශ්‍රායෙලය අතර ඇරඹුනු ප්‍රහාරයන් විය. මෙය අතිශයින්ම සන්නද්ධ ගැටුමක් වන අතර, ඉරානයෙහි න්‍යෂ්ඨික අභිලාෂයන් සහ ආර්ථික සම්බාධක ලිහිල් කිරීම පිළිබඳව ඉරානය සහ එක්සත් ජනපදය අතර පැවැති සාකච්ඡාවන් කෙරෙහි දැඩි බාධාවන් ඇති කිරීම හා එකඟතාවන්ට නොපැමිනීමට අපොහොසත් වීම නිසාවෙන් හටගත් අර්බුදයන් මේ වන විට මැද පෙරදිග උණුසුම් කරමින් බැලැස්ටික් ,රොකට් ,මිනිසුන් සහිත මෙන්ම රහිත යානා වලින්ද ප්‍රහාර එල්ල කරගනිමින් ඇවිලෙන්නට විය.දහස් ගණන් මනුශ්‍ය ජීවිත ,කෝටිප්‍රකෝටි ගණන් දේපළ හානි දෙපාර්ශවයන් විසින් ඔවුනොවුන්ටම දායාද කර ගනිමින් මෙම යුද්ධය ඉදිරියටම ගෙන යන අයුරු දක්නට ලැබේ.මේ වන විටත් ඉරානයේ පාසලකට එල්ල වූ ප්‍රහාරයක් හේතුවෙන් එරට ගැහැනු දරුවන් සියයක් ඉක්මවා මරුමුවට ලක් විය.මේ අතරම ඉරානය විසින් සිතා ගත නොහැකි ලෙසින් සිය සහෝදර රටවල් වූ සවුදිඅරාබිය,ඩුබායි,කුවේට්,බහරේන් ඇතුලු රටවල් රාශියකටම ප්‍රහාර දියත් කිරීම ඔවුන්ගේ ආර්ථික මධ්‍යස්ථානවල කටයුතු ඇණසිටීමටද බලපා තිබේ.විශේශයින්ම ඩුබායි ගුවන් තොටුපලටද ප්‍රහාරයක් එල්ල වීම හේතුවෙන් ගුවන් වාර විශාල ප්‍රමාණයක් නවතා තිබීමද බරපතල තත්වයකි.ඒ හා සමව ඇමරිකාව හා ඊශ්‍රායලය එක්ව කල මෙහෙයුම් වලින් ඉරාන අධ්‍යාත්මික නායකයෙකු වූ අයතුල්ලා අල් කමේනි ද ඝාතනය වීම මෙම වාතාවරණය උත්සන්න කිරීමට හේතු බිය.න්‍යෂ්ටික අභිලාෂයන් විනාශකර ඉරානයේ යුදමය සම්පත් ද විනාශ කර අවසන් වන තුරුම ඇමරිකා එක්සත් ජනපදය සිය මෙහෙයුම් ඉදිරියටම ගෙනා යන බවත් ප්‍රකාශ කර තිබීමත් විශේෂත්වයක්.


මැදපෙරදිග යුද්ධය මේවන විට ශ්‍රී ලංකාව වැනි රටවල් වලටද ඇති කරන්නේ වක්‍ර අවධානමකි.මෙහිදී තෙල් හා ගෑස් වල හිඟතාවයක් මේ වන විට නොමැති වුවද දිගින් දිගට මෙම යුධමය වාතාවරණය පැවතිය හොත් යම්කිසි අපහසුතාද අනිවාර්යයෙන්ම ලෙසම අප රටටද ඇතිවීමට හැකියාවක් ඇත.ඉරානය විසින් හෝමූස් සමුද්‍ර සන්ධිය වසා දැමීම නිසාවෙන් මුහුදු මගින් වන අපනයන බොහෝ ප්‍රමාණයක ප්‍රමාදයන් වලටද මුහුණ පෑමට සිදු වීම හා එයින් සිදුවන පාඩුවද අති මහත් ය.ඉන්දියාවේ විසාකපට්නම් හි සරඹ උත්සවයකට සහභාගිව නැවත ඉරානය බලා යමින් තිබූ ඉරාන නැවකටද ඊයේ එනම් 2026/03/04 වන දින ඉන්දියන් සාගරයේදී ප්‍රහාරයක් එල්ල කල බවට ඇමරිකාව තහවුරු කර තිබෙනවා.එහිදී එම යාත්‍රාවේ සිටි නාවිකයන් බොහොඉ පිරිසක් මිය ගිය අතර ශ්‍රී ලංකාවේ නාවික හමුදාව විසින් ඇතැම් සෙබළුන් පිරිසක් මුදාගෙන් අතුරුදන් වූවන් සොයමින් සිටින බවත් මාධ්‍ය විසින් වාර්තා කරනු ලැබූවා.
තිස්වසරක යුද්ධයකට මැදිව සිටි ලාංකිකයන් වූ අප හොදින්ම යුද්ධයක අඳුරු පැතිකඩ හඳුනන්නෙමු.ලොව කොහේ හෝ තැනක සිදුවන මෙවන් තත්වයන් අප ප්‍රතික්ශේප කරන්නේ එහෙයිනි.එම නිසාවෙන් තවත් තෙවන ලෝක යුද්ධයක් ඇති නොවී ඇමරිකාව මෙන්ම ඊශ්‍රායලටද ,එසේම ඉරානයටද ඔවුනොවුනගේ ගැටළු හැකි ඉක්මනින් සමථයකට ගෙන එමින් සාමයට ලඟා වීමට හැකියාවක් ලැබී සාමය උදාවෙන ලෙස අපිද ප්‍රාර්ථනා කරන්නෙමු.

සටහන:-ඈන් මිලිනි රෝශිනී.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *