‘ජනබලය’ සංවිධානයේ නව ප්‍රකාශය ජනගත කිරීම

වැඩි බහුතර ජනවරමකින් බලයට පත්වූ ජාතික ජන බලවේගය ආණ්ඩුව මේ වනවිට ජනතා අභිලාෂයන්ගෙන් යම් විතැන්වීමක් පෙන්නුම් කරම්න් තිබෙන අතර එම පරතරය පාවිච්චි කරමින් යළිත් බලය ඩැහැගැනීමට පරාජිත විපක්ෂ කණ්ඩායම් කැසකවමින් තිබෙයි.

ඒ අනුව පසුගාමී විපක්ෂ කණ්ඩායම් වල යළි නැගීසිටීමට ඉඩ නොතැබීම සදහා ආණ්ඩුවේ ප්‍රතිපත්තිමය පොරොන්දු අවධාරණය කරමින් හා ජන අභිලාෂයන්ට වගවන ලෙසට ආණ්ඩුවට විවේචනාත්මකව බලකරමින් ‘ජනබලය’ සංවිධානය විසින් පවත්වන නිවේදනාත්මක කතිකාවක් 2026 ජූනි මස 09 වන අගහරුවාදා දින පෙරවරු 10.30 ට කොළඹ (ටොරින්ටන්) ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලයේ ‘සුහුරු රැස්වීම් ශාලවේදී’ පැවැත්වේ.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *