සමෘද්ධි නිළධාරින් ට එරෙහිව තලංගම පොලිසියට පැමිණිල්ලක්..
සමෘද්ධි ව්‍යපාරයේ සුරැකීමේ සංවිධානයේ එම්.එම්.පි.හේරත් විසින් සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ නිළධාරින්ට එරෙහිව තලංගම පොලිසියට පැමිණිල්ලක් කර ඇති අතර ඒ පිලිබදව ඔහු විසින් මෙලෙස මාධ්‍යය නිවේදනයක් නිකුත්කර ඇත.
මාධ්‍ය නිවේදනය
2026/09/18
සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට එරෙහිව තලංගම පොලීසියට පැමිණිල්ලක්
විෂය: ව්‍යාජ ලේඛන සම්බන්ධයෙන් සහ පැමිණිලි ඉල්ලා අස්කර ගැනීමට බලකිරීම සම්බන්ධයෙන් පැමිණිල්ලක්
ම, එම්.එම්.පී. හේරත්, සමෘද්ධි ව්‍යාපාරය සුරැකීමේ සංවිධානයේ සභාපති සහ හිටපු සමෘද්ධි නිලධාරියෙකු ලෙස, මාගේ රාජකාරියේදී සොයාගත් කල්පිත දත්ත සහ ව්‍යාජ ලේඛන සම්බන්ධයෙන් ඉදිරිපත් කළ පැමිණිලි ඉල්ලා අස්කර ගැනීමට බලකිරීමක් සිදුව ඇති බවට චෝදනා කරමින්, 2026/09/18 දින තලංගම පොලීසියේ 119 හදිසි අංකය මගින් පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත.
අදාළ පැමිණිල්ල සම්බන්ධයෙන් තලංගම පොලීසිය විසින් සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් සහ විමර්ශන අධ්‍යක්ෂවරියගෙන් කට උත්තර ලබාගෙන ඇති බව වාර්තා වේ.
මෙම පැමිණිල්ල මාගේ පුද්ගලික ප්‍රශ්නයක් සඳහා නොව, රටේ සියලුම රාජ්‍ය නිලධාරීන්ගේ සහ Whistleblowerවරුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් කරන ක්‍රියාවකි.
එම්.එම්.පී. හේරත්
සභාපති – සමෘද්ධි ව්‍යාපාරය සුරැකීමේ සංවිධානය
0764450400