DANGEROUS GOODS ජාත්‍යන්තර ප්‍රමිතියට තැපෑලෙන් කණ්ඩායමක්..
මෙරට තැපැල් ඉතිහාසයේ නව සන්ධිස්ථානයක් සාඩම්බර ලෙසට සනිටුහන් කරමින් විදේශිය තැපැල හරහා අන්තරාදායක භාන්ඩ ආරක්ෂිත ලෙසට සහ විධිමත් අන්දමට හැසිරවිම පිලිබදව ශ්‍රිලංකා තැපැල් දෙපාර්තමේන්තුව ජාත්‍යන්තර ප්‍රමිතින් සදහා අනුගත වෙමින් එහි මුලික පියවරයන් පිලිබදව කටයුතු අරබා ඇත.
ඒ සදහා 8දෙනෙකුගෙන් යුත් කාර්යමංඩලයක් පුහුණුකර බලපත්‍රලාභින් ලෙසට තැපැල් දෙපාර්තමේන්තුවේ ක්‍රියාවලිය සදහා එක් කරමින් තැපැල් මුලස්ථානයේදි ඊට අදාල සහතික පත්‍ර ප්‍රදානය කෙරැණි.
මෙහි සම්පත් දායකයින් ලෙසට GLOBAL AIR LINE TRAINING ACADEMY ආයතනය මේ සදහා ඉදිරිපත් විය.