සුභ රාමසාන් දිනයක්ම වේවා..!(ඈන් මිලිනි ⁣රෝශිණි)

ලොව පුරා වෙසෙන සියලුම සහෝදර මුස්ලිම් වරුන්ගේ උත්සවයන් අතර අති සුවිශේෂී ස්ථානයක් රාමසාන් දිනය වෙනුවෙන් යෙදීඇත.
මුස්ලිම් ආගමික විශ්වාසයට අනුව සෑම ඉස්ලාම් භක්තිකයෙකුම නෝම්බි කාලය හෙවත් උපවාස කාලය ගෙවා එය අවසන් වන දිනය රාමසාන් ලෙසින් හඳුන්වනු ලැබේ..මෙම උපවාස ශීලය ආරම්භ කිරීමට හේතු වී ඇත්තේ ඉස්ලාම් භක්තිකයන්ගේ ශුද්ධවූ ග්‍රන්ථයක් අල් කුරානය මොහොම්මද් නබිතුමාට පහළ වූ අභිප්‍රාය සිහිපත් කිරීමයි.
මෙම රාමසාන් උත්සවය ශ්‍රී ලංකාව,ඉන්දුනීසියාව,අරාබිය,මැලේසියාව වැනි රටවල් වල සමරනු ලබනවා.කෙතරම් කාර්‍යබහුල වුවද ඉස්ලාම් භක්තිමතුන් මෙම උත්සවය උත්සවාකාරයෙන් සැමරීමට කටයුතු කිරීමත් විශේෂත්වයක්.
ඉස්ලාම් භක්තියකයන් නිරාහාරව සිටීම ඔවුන්ගේ ඉස්ලාමීය මූලික මූලධර්ම පහෙන් එකකි.මේ කාලය පුරාවටම නිරාහාර ශීලය රකින්නා සේම නොපහන් සිතිවිලි,කෝපය සහ අන් අයගේ සිත් රිදවීම වැනි දේවල් වලින් අනිවාර්යයෙන් ම වැලකී සිටීමද දක්නට ලැබෙන්නකි.

මුස්ලිම්වරු ඔවුන්ගේ පවුල්වල අය සමඟින් මෙන්ම මිතුරන් හා එක්ව ආහාර බෙදාගනිමින් දෛනික උපවාසය නිම කරන අතර ඉස්ලාමීය ආගමානුකූලව එය ප්‍රධාන නිවාඩු දිනයක් ලෙසට පත් කෙරෙනවා.රාමසාන් සෑමවිටම මාස දොලහක ඉස්ලාම් දින දර්ශනයේ නවවන මාසයට අයත් වනවා.මෙම මාසයේදී එකී උත්සවය ඊද් අල්-ෆිතර් ලෙස හඳුන්වනු ලබනවා.

මෙම කාලවකවානුවේදීත් අසල්වැසියාගේ දුකට සවන් දීම,අන්‍යන් ඉවසීම ,ආගමික කටයුතුවල නියැලීම වැනි කාරණා කෙරෙහි මූලික අවධානය ලබා දෙන අතර සාමය බෙදා දීමටද උත්සාහ කරයි.උපවාස කාලයේදී අවුරුදු හතට අඩු දරුවන්ට මෙන්ම වයස්ගත පුද්ගලයන්ට නිරාහාරව සිටීමට ඉඩ ලබා නොදෙන්නේද ඔවුන්ගේම යහපත උදෙසාය.සකල ලෝ වාසී සියලුම මුස්ලිම් භක්තිමත් ජනතාවට හා ඔවුන්ගේ පවුල්වල අයටද සුභම සුභ රාමසාන් උත්සවයක් වේවා.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *