ගුවන් හමුදාවට 75 වන සංවත්සරය නිමිත්තෙන් “75වන ගුවන් හමුදා සංවත්සර සමරු පදක්කම” පිරිනැමේ

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට වසර 75 ක් සපිරීම නිමිත්තෙන්, ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අතිගරු ජනාධිපතිතුමා විසින් 2026 මාර්තු 02 දින වන විට සක්‍රීය සේවයේ යෙදී සිටින්නා සියලුම ගුවන් හමුදා සාමාජිකයින් හා සිවල් සේවක මහත්ම මහත්මින් වෙත ගුවන් හමුදාවේ දිගුකාලීන සේවය, කැපවීම සහ ජාතික ආරක්ෂාව වෙනුවෙන් කළ සේවාව අගය කරමින් මෙම සංවත්සර “75වන ගුවන් හමුදා සංවත්සර සමරු පදක්කම” පිරිනමා ඇත.
මෙම පදක්කම් පැලදවිමේ උත්සවය අද දින (2026.03.03) ශ්‍රී ලංකා ගුවන් හමුදා මූලස්ථානයේදී ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය මේජර් ජෙනරල් අරුණ ජයසේකර (විශ්‍රාමික) මහතාගේ ප්‍රධනත්වයෙන් සිදුවිය. මෙම අවස්ථාවට ආරක්‍ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික) මහතා, ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් බන්දු එදිරිසිංහ මහතා, ගුවන් හමුදා අධ්‍යක්ෂක මණ්ඩලයේ නිළධාරින් ඇතුළු පිරිසක් සහබාගි විය.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *