ඩිජිටල් ක්රමවේදය ඔස්සේ රජයේ නිළධාරින්ගේ වත්කම් බැරකම් ප්රකාශ ඉල්ලයි..
මෙම වසරට අදාලව රජයේ නිළධාරින්ගේ වත්කම් බැරකම් ප්රකාශයන් එලබෙන ජුනි 30 වනදාට පෙර ඉල්ලුම් කලයුතු බව අල්ලස් හා දුෂණ විමර්ශණ කොමිෂන් සභාව නිවේදනය කරයි.
එම ප්රකාශ මෙවර ඉදිිරිපත් කල යුත්තේ ඩිජිටල් ක්රමවේදය වන e-assets format ඔස්සේ පමණක් බවද සදහන් වේ.
එසේම මෙම ප්රකාශය ජුනිමස අවසන් වන තෙක් රැදි නොසිට කල්තියා ලබාදෙන ලෙසත් ,එයට එකවර පිවිසිමේදි අපහසුතා ඇතිවිය හැකි බැවින් එම තොරතුරු වේලාසන ඉදිරිපත් කරන ලෙසද එම කොමිෂන් සභාව නිවේදනය කරයි.