මස් කන්නේ බලාගෙනයි…
අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් මන්නාරම දිස්ත්‍රික්කය තුල පරිභෝජනය පිණිස සතියක් ගතවන තුරාවටම මස්අනුභවය තහනම් කර අරති බව මහජන සෞඛ්‍ය පරික්ෂක වරැන්ගේ සංගමය පවසයි.
මෙම තිරණය දෙසැම්බර් 3 වනදා සිට ක්‍රියාත්මකව පවතින අතර ගවමස්,එළුමස්,කුකුළු මස්, ඌරැ මස් සදහා වලංගු වන බවත් මස් අනුභවය සදහා එම සතුන් ඝාතනය කිරිමද තහනම් කර ඇති බව ද වාර්තා වේ.
ඇති වු ආපදා තත්වය මත මන්නාර ප්‍රදේශයේ සත්ව ගොවිපලවල්ද ආපදාවන්ට ගොදුරු වු බැවින් එම තිරණය ගත් බවද මහජන පරික්ෂක වරැන්ගේ සංගමය පවසයි.
එම ප්‍රදේශයන් හරහා මස් පිණිස ප්‍රවාහනයන් සිදුවේ නම් සෞඛ්‍ය අමාත්‍යංශයේ ආපදා කළමණාකරණ ඒකකයේ 1926 අංකය අමතන ලෙසට ජනතාවගෙන් එම සංගමය ඉල්ලීමක් කරයි.