අලි මිනිස් ගැටුම පිලිබදව රජය ගත් ක්‍රියා මාර්ග මොනවාදැයි අසමින් අධිකරණය වාර්තාවක් ඉල්ලයි..
අලි මිනිස් ගැටුම සම්බන්ධයෙන් රජයක් ලෙසට ගත් ක්‍රියාමාර්ග මොනවාදැයි යන්න පැහැදිලි කර ඒ පිළිබදව වාර්තාවක් ලබාදෙන්නැයි වනජිවි ඇමති ඇතුළු අදාල පාර්ශවයන් වෙතට අධිකරණය මගින්ඉ නියෝගයක් ලබා දි ඇත.
මෙයට අදාලව පරිසර යුක්ති කෙන්ද්‍රය මගින් රීට් පෙත්සමක් ඉදිරිපත්කල අතර එය සැලකිල්ලට ගනිමින් අභියාචනාධිකරණය විනිසුරැ මඩුල්ල විසින් මෙම නියෝගය නිකුත්කර ඇති බව සදහන් වේ.
පරිසර යුක්ති කෙන්ද්‍රය විසින් මෙම ගැටළුව නිරාකරණය කිරිම සදහා යෝජනා මාලාවක්ද අදාල පාර්ශව වලට ඉදිරිපත්කලත් මෙතෙක් ඊට පිලිතුරැ නොලැබිම මත අධිකරණයට ගිය බව එම කෙන්ද්‍රය පවසයි.