පරිසරය ආරක්ෂා කිරිම යනුගැසට් නිවේදන නිකුත් කිරිම නොවේ….

රටේ වනජීවී, පරිසර සහ රක්ෂිත භූමි ආරක්ෂාව සම්බන්ධයෙන් වත්මන් ආණ්ඩුව ක්‍රියාත්මක කරන ප්‍රතිපත්ති හා ප්‍රායෝගික ක්‍රියාමාර්ග අතර පවතින පරස්පරතාව පිළිබඳව අවධානය යොමු කරමින්, රක්ෂිත ගැසට් කිරීමේ ක්‍රියාවලිය සහ කටුපොල් වගාව නැවත ප්‍රවර්ධනය කිරීමේ උත්සාහයන් සම්බන්ධයෙන් විශේෂ මාධ්‍ය හමුවක් පැවැත්විණි.

මෙම මාධ්‍ය හමුව සඳහා පරිසර මධ්‍යස්ථානය නියෝජනය කරමින් වෑකඳවල රාහුල හිමි, ශක්ති මකාවිට සහ සංඛ මලිත් යන සහෝදරවරුන් සහභාගී වූහ.

මෙහිදී රක්ෂිත ප්‍රදේශ ආරක්ෂා කිරීමේ නාමයෙන් ගනු ලබන තීන්දු සහ අනෙක් පසින් පරිසර පද්ධතිවලට හානිදායක විය හැකි ව්‍යාපෘති ප්‍රවර්ධනය කිරීම අතර ඇති පරස්පරභාවය පිළිබඳව කරුණු දක්වා, පාරිසරික තිරසාරභාවය, ජෛව විවිධත්වය සහ ජනතා අයිතිවාසිකම් ආරක්ෂා වන ආකාරයේ ප්‍රතිපත්තිමය මැදිහත්වීමක් අවශ්‍ය බව අවධාරණය කෙරිණි.

පරිසරය ආරක්ෂා කිරීම යනු හුදෙක් ගැසට් නිවේදන නිකුත් කිරීමක් නොව, ඒවා අනුගමනය කරන ප්‍රායෝගික ක්‍රියාමාර්ගවල අඛණ්ඩතාව සහ වගකීම තහවුරු කිරීමක් බව පරිසර මධ්‍යස්ථානය විසින් තවදුරටත් පැවසීය.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *