සංචාරක රියදුරැ හා සහායකයින්ට ශ්‍රිලංකා රක්ෂණ සංස්ථාවෙන් රක්ෂණ යක් හදුන්වා දෙයි..

ලංකා සංචාරක රියදුරැ හා සහායක සංගමයේ 8 වන සංවත්සරය කිරිබත්ගොඩදි පසුගියදා පැවැත් වු අතර එහිදි ප්‍රථම වතාවට ශ්‍රිලංකා රක්ෂණ සමාගම විසින් එම කේෂ්ත්‍රයේ නියුක්ත එම සංගමයේ සාමාජිකයින්ට රක්ෂණ යෝජනාවලියක් ආරම්භ කිරිමද මෙහිදි නිල වශයෙන් සිදුවිය.
එම කේෂ්ත්‍රයේ නියුක්තිකයින්ට ජිවිතාවරණය ලැබෙන පරිදි සහ ඔවුන්ගේ පවුල් වල යැපෙන්නන්ට සෙතසැලසෙන පරිදි මෙම රක්ෂණ හිමිකම් යෝජනාවලියලබා දෙ බවද ශ්‍රිලංකා රක්ෂණ සංස්ථාවේ රක්ෂණ නිළධාරි වෙනුර බන්ධුල මෙහිදි පැවසීය.
එම සංගමයේ සභාපති එරංග චන්ද්‍ර කුමාර මෙහිදි සිය අදහස් දක්වමින් කියා සිටියේ මෙම සංවිධානය සමග 2000කට එහා ගිය සංචාරක රියදුරන් හා සහායකයින් පිරිසක් සිටින බවත් රටට ඩොලර් ගෙනඒමේ කාර්ය යේදි එම පිරිස ඉතා සුවිශේෂිවු මෙහෙවරක් ඉටුකරන බවය.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *