මැයි 03 වන දිනට යෙදුණු ල්ක මාධ්‍ය නිදහස් දිනයේ තේමාව වූයේ “සාමය පිරුණු අනාගතයක් උදෙසා යන තේමාවය.(“shaping a future at peace”)


(ඈන් මිලිනි රෝෂිණි)

මෙම තේමාව කිසිසේත්ම සුලුවෙන් ගත නොහැකි අතිශයින්ම කාලීන අවශ්‍යතා හා යෝජනා මැනවෙන් වටහාගෙන ඉදිරිපත් කල තේමාවක් විය.
මාධ්‍යක් යනු තොරතුරක් අතිශයින්ම නිවැරදිව පරිශීලකයා වෙත ලඟාකරවන තෝතැන්නක් හා එය ප්‍රජාතන්ත්‍රවාදය සුරකින මෙවලමකි.එයින් අසන්නා හෝ ලබන්නා වෙතට සමාජයේ ඇතිවන අර්බුද,වෙනස්වීම් හා අනෙකුත් සියලුම තොරතුරු ලඟා කරවන අතර එහිදී සමාජයෙ ජීවත් වන අයගේ තොරතුරු දැනගැනීමේ අයිතියද තහවුරු වනු ඇත.

නිදහස් මාධ්‍යකරණය යනුවෙන් හඳුන්වන්නේ ඕනෑ ම පුවතක් හෝ කටයුත්තක් තම රිසි පමණින් අරුත් ගන්වා ඉදිරිපත් කිරීමක අයිතියක් නොවන අතර ඕනෑම ප්‍රවෘත්තියක් අතිශයින්ම ඕනෑම අයෙකුට තේරුම් ගතහැකි ලෙස එහි බර වැඩි හෝ අඩු නොකොට කිසිදු විකෘතියක් නොකර අතිශයින්ම වගකීම් සහගතව හා අතිශයින්ම නිවැරදිව ලඟාකරවන්නක් පමනි.

නිදහස් මාධ්‍යයේ මෙවර තේමාව කාලෝචිතවන්නේ කෙසේද යන්නෙන් සලකා බැලුවහොත් එය කාලීන අවශ්‍යතාවයක් වූ සාමය වෙනුවෙන් තේමාගත කොට තිබීම නිසාවෙනි.අනාගතයකට යුද්ධය හෝ සාමය කඩවීම් වලින් ලැබෙන්නේ අඳුරු අත්දැකීම් නිසාවෙන් මාධ්‍ය තුලින් එය නැවැත්වීමට හෝ එයින් ලැබෙන ප්‍රතිඵල මඳකට හෝ අඩු කරලීමට ඉදිරිපත් විය යුතු බව මෙහි තේමාවේ ව්‍යාංගාර්ථය විය හැකිය.

ලොව පුරා ඇතිවන වසංගත තත්වයන්,ආපදා හෝ අනෙක් දුශ්කරතා අභිමුඛයේදී නිදහස් මාධ්‍ය කරණය කරනු ලබන මෙහෙයුම් නිසාවෙන් ඇතිවන හා ඇතිවන්නට තිබූ හානිදායක අවස්ථා බොහෝසෙයින් අඩුවන උදාහරණ රැසකි.එක් අංශයකට හෝ එක් පක්ෂයකට හෝ එක් කාණ්ඩයකට ගැති නොවී නිරවද්‍ය භාවය රැකගෙන නිදහස් මාධ්‍යකරණයේ යෙදෙන්නන් විරල නොවීමද භාග්‍යක් ය.විශේෂයෙන්ම මුදල් පසුපස හඹා යන සමාජයක මෙවන් වූ වචනයේ පරිසමාප්තයෙන්ම නිදහස් අවංක මාධ්‍යකරණයේ නියුතුවන්නෙක් අගය කොට ඔහු හෝ ඇය සම්මාන ලාභී කල යුතුමය.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *