ගෑස්මිල ඉහල යාමෙන් රයිස්,නාසිගුරාන් මිලත් ඉහලට..
ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට රයිස්,නාසිගුරාන් සහ බුරියානි යන ආහාර වල මිලත් ඉහල දැමිමට තිරණය කර ඇති බව ආපනශාලා හිමියන්ගේ සංගමය සිය නිවේදනය මගින් කියයි.
ඒ අනුව එම ආහාර වර්ග රැපියල් 25/=කින් ඉහල දමා ඇති බවත් මේ සදහා ගෑස් මිල ඉහල යාම තම සාමාජිකයින්ට සෘජුවම බලපා ඇති බැවින් මෙම තිරණයට එලබිමට සිදුව ඇති බව එම සංගමය පවසයි.