ඔස්ට්‍රේලියාවට ගෙවිමට තිබු ණය වාරිකයහැකර්වරයෙකු අතට පත්විම ගැන ට්‍රාන්ස්පේරන්ස් කණස්සල්ල..

ඕස්ට්‍රේලියානු රජය වෙත ගෙවීමට නියමිතව තිබූ ශ්‍රී ලංකාවේ ණය වාරික මුදල්, සයිබර් හැකර්වරයෙකු වෙත මාරු වූ බවට පැවසෙන සිද්ධිය සම්බන්ධයෙන් ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ශ්‍රී ලංකා ආයතනය (TISL) සිය දැඩි කනස්සල්ල පළ කරයි. මෙම සිදුවීම ආණ්ඩුකරණයේ බරපතල අසාර්ථකත්වයක් පෙන්නුම් කරන අතර, දූෂණයට ඇති ඉඩකඩ සහ දුබලතා මෙයින් මතුකර පෙන්වයි.

පොදු අරමුදල් ආරක්ෂා කර ඇති බව සහතික කිරීම සඳහා සිදුවන වර්ධනයන් පිළිබඳව ඨෛSළ් අඛණ්ඩව අවධානයෙන් පසුවනු ඇත. තවද, මෙම සිදුවීම සම්බන්ධයෙන් පවත්වන පරීක්ෂණ දේශපාලන මැදිහත්වීම්වලින් තොර සහ ස්වාධීන විය යුතු බව TISL වැඩිදුරටත් අවධාරණය කරයි. මෙහිදී දූෂණ විරෝධී පනත යටතේ කිසියම් වරදක් සිදුවී ඇත්දැයි සොයා බලන ලෙස TISL ආයතනය අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවෙන් (CIABOC) ඉල්ලා සිටියි.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *