මාණික්කාවත

මාණික්කාවත යනු මහින්ද ප්‍රසාද් මස් ඉඹුල මහතා විසින් රචනා කරන ලද්දකි.
සන්ථව ප්‍රකාශකයන්ගේ සාඩම්බර ප්‍රකාශයනක් ලෙස මාණික්කාවත හඳුන්වාදිය හැක.කෘතියේ මිල නමසියයකි.
කතාව පුරා පිටු එකසිය හැටපහකි.මනුෂ්‍ය ජීවිතය හා සොභාදහම යනු එකිනෙක තදින් වැලඳගත් ගහක් හා වැලක් මෙන්‍ ය.පහසුකම් හා මිල මුදල් නොම රජයන පරිසරයක සිට ආදරය පමනක් එක මිටට තුරුලු කරගෙන එකිනෙකා හා විශ්වාසයෙන් යුතුව දිවිගෙවන යුවලක් ඔවුන්ට එදිනෙදා හමුවන ගැටලු හා අනෙක් දුශ්කරතාද සකසුරුවමින් හා ඔවුන් ලද දැනුම අනුව නිරාකරණය කරගෙන දරුවන් ලබා ජීවත් වන අයුරු සංකල්පනා රූප මවමින් පාඨකයා වෙත ලඟා කරවීමට කතුවරයා ගෙන ඇති වෙහෙස අතිශයින්ම ප්‍රශංසනීයය.එමෙන්ම එක් පරම්පරාවක් ඔවුන්ගේ අව්‍යාජ බව හා ගැටෙනා විට කාලයාගේ ඇවෑමෙන් ලබන පරම්පරාවල් ඒවා වලින් සෙමෙන් සෙමෙන් මිදීමත් ගැන පාඨක සිත් යොමු කර ගැනීමට කතුවරයා සමත්ව තිබේ.සරල හා සුගම භාශාවක් මෙන්ම පාඨක සිත සනසවනා ආරයකින් මෙම කෘතිය රචනාව ඇති බවත් කිවයුතුමය.පොත් වලට ආදරය කරන්නන්ට අනිවාර්යයෙන්ම ඔවුනොවුනගේ පොත් ගොන්නට එකතු කර ගත යුතු පොතක් ලෙස මාණික්කාවත පෙන්වාදිය හැකිය.

සටහන :- ඈන් මිලිනි රෝශිනී.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *