සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කරමින් ඉයුෆේරියා සිලෝන් දියත් වෙයි..

බලශක්ති අර්බුදයකට මුහුණ දෙමින් ,ලෝක දේශපාලන තත්වය හරහා හමන අර්බුද කාරි තත්වය මත ලංකාවට පැමිණෙමින් සිටින සහ මේවන විට මෙරට තුල රැදි සිටින සංචාරකයින් දිරිගැන්විම උදෙසා “ඉයුෆෝරියා සිලෝන්” සංචාරක වැඩසටහන පසුගියදා ආරම්භ කෙරැණි.
මෙය කොළඹ මහවැලි කේන්ද‍්‍රයෙන් ඇරබු අතර ,ලංකීය සංස්කෘතික අංග හා අත්දැකීම් සංචාරක ප්‍රජාව වෙත ලබාදිම මෙහි ප්‍රධානතම අරමුණ බව එහි සංවිධායකයින් පවසයි.


ඉයුෆෝරියා සිලෝන් ප්‍රවර්ධන පරිශ්‍රයට පැමිණෙන සංචාරකයින් සදහා ලාංකීය සංගීතය,නර්තන අත්දැකීම්,සංස්කෘතික අංගයන් සජීවිව දැකගැනිමේ හැකියාවක් ලැබෙන අතර ,ලංකාවේ පුරාණ කර්මාන්තයන් ඒවා හා බැදුනු නිෂ්පාදන ක්‍රියාවලියන්ද දැක ගැනිමේ හැකියාවක්ද පවතින බව සදහන් වේ.
මේ සදහා මහවැලි උපදේශක කාර්යංශය,මහවැලි කේන්ද්‍රය ,මහවැලි අධිකාරිය,ජාතික තරැණ සේවා සභාව යන ආයතන එක්ව මෙම වැඩසටහන සංවිධානය කර ඇත.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *