හම්බන්තොට ඔරැකෙම්ගල වනරක්ෂිත බිම් ගිනිබත් කරද්දි වගකිවයුත්තෝ මරනින්දෙ ද..
රටේ පවතින ව්‍යවස්ථාවෙන් ස්භාවික සම්පත් ආරක්ෂා කිරිම පුරවැසියන්ගේ වගකීමක් බව පරිසරය වනසන්නන්ට මෙන්ම බලධාරින්ට ද අමතක විම දෛවෝපගතය.
එවන් පසුබිමක් පැවතියද ගොවි සංවිධාන වල හඬ නැගිම පසෙකලා යෝජිත සුර්ය පැනල උද්යනයක් හදන්නට මේ දිනවල කටයුතු කරමින් පවතින බව හම්බන්තොට ඔරැකෙම්ගල ගොවි ජනතාව පවසයි.
එම ප්‍රදේශයේ පසුගියදා කිසිදු වගවිභාගයකින් තොරව කැලැබද ප්‍රදේශයේ ගිනිබත් කරමින් තිබුණි.
මෙලෙස වන රක්ෂිතය ගිණිබත් කරද්දි එහි සිටින වන අලින් ගම්වැදිම අහන්න දෙයක් නැත.එව විට පලාතේ පොලිසිය නිහඩව සිටිම තුල කැලැපාළුවන්ට තවත් සතුටක් නම් නොවේ.