EVA නෙට්බෝල් කාන්තා ශුරතාවය ගුවන් හමුදාව දිනා ගනී…
කොළඹ දිස්ත්‍රික් නෙට්බෝල් සම්මේලනය සංවිධානය කරන EVA කුසලානය සමස්ත ලංකා විවෘත ශුරතාවය ශ්‍රිලංකා ගුවන් හමුදාවේ කාන්තා නෙට්බෝල් කණ්ඩායම විසින් දිනා ගැනිමට සමත් විය.
මෙම තරගාවලිය ගුවන්හමුදා කොළඹ රයිෆල් ශ්‍රින් ක්‍රිඩාපිටියේදි පසුගියදා පැවැත්වු අතර අවසන් මහා තරගයට යුධහමුදා කාන්තා කණ්ඩායම සමග තරග වැදිමෙන් අනතුරුව මෙලෙස ගුවන්හමුදා කාන්තා කණ්ඩායම දිනා ගත්තේය.
මෙම තරගාවලියේදි natball queen ලෙසට ගුවන්හමුදාවේ කෝප්‍රල් රශ්මි පෙරේරා සිය දක්ෂතාවයන් විදහාපාමින් සම්මානයට පාත්‍ර විය.