හපනා


ටී.බී.ඉලංගරත්නයන් විසින් රචිත හපනා නම් නවකතාවේ ප්‍රථම මුද්‍රණය 1969 දී මුද්‍රණය වීය.එය දෙදහස් විසිපහ වන වසරේදී හතළිස්වන මුද්‍රණයට පා තබා ඇත.ඕනෑම අයෙකුට කියවිය හැකි සරල තේරුම් ගත හැකි භාෂාවකින් රචනා වී ඇති හපනා නවකතාව පුරාවටම ඇත්තේ වර්තමානයේද අප හමුව ඇති පොදු ගැටලුය.අදත් අප අතර නැවුම් අදහස් රාශියක් ජනිත කරවන්නට සමත් හපනා යොවුන් නවකතාව පිටු දෙසිය තිස් දෙකකින් සමන්විත වූ මෙය අග්‍රගණ්‍ය සාහිත්‍ය කෘතියකි.මිල රුපියල් පන්සිය අනූවකට පාඨකයාට මිලදීගත හැකි හපනා කෘතිය එකල දේශපාලන ඉතිහාසය ගැනද සියුම් ලෙස පාඨකයා හට විදහා දක්වා තිබෙනු දැකිය හැකිය.දරුවන් පිළිබඳව මෙකල අතිශයින්ම සැලසුම් සහගතව කටයුතු කලද අතීතයේ දරුවන් පිළිබඳව හා දරුවන් ව ඇතිදැඩි කිරීම හා ඔවුන්ට ඉගැන්වීම ගැන යන කාරණා කෙරෙහි ඔවුන් කටයුතු කල අයුරුද ඉලංගරත්නයන් විසින් අපූරුවට පහදා දී ඇත්තේය.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *