කොළඹ නගර සභාවේ අක්‍රමිකතා හොයන්න ජනාධිපති කොමිසමක්..
වර්ෂ 2010 සිට මේ දක්වා කොළඹ නගර සභාව තුල සිදුවු යැයි කියනු ලබන වංචා දුෂණයන් ගැන සොයාබැලීම සදහාත් ඒ පිලිබදව විමර්ශන කටයුතු ආරම්භ කිරිම සදහාත් විශේෂ ජනාධිපති කොමිසමක් ජනාපති අනුරකුමාර දිසානායක විසින් පත්කර ඇත.
එම කොමිසම යටතේ දේපල සාපරාධි ලෙසට පරිහරණය කිරිම ,දේපල අවභාවිතා කිරිම,රාජ්‍යය සම්පත් අනිසි ලෙසට භාවිතා කිරිම, නිති විරෝධි සැලසුම්, චංචල දේපල කුලියට හා බද්ධට ලබාදිමේ දි සිදුවු අක්‍රමිකතා යන කරැණු ගැන සැලකිල්ලට ගන්නා බවත් මෙම කොමිසම මගින් විමර්ශණය කිරිම සිදුවේ.
මිට අදාලව ගැසට්පත්රයද ජනපති වරයා විසින් නිකුත්කර ඇත.