ඊගල්ස් මෝන්සූන් කුසලාන වාර්ෂික ගොල්ෆ් තරඟාවළිය 2025
ශ්‍රී ලංකා ගුවන් හමුදා ඊගල්ස් ගෝල්ෆ් ලින්ක් සංවිධානය කරනු ලබන 2025 මෝන්සූන් කුසලාන කාන්තා සහ පිරිමි ගොල්ෆ් තරඟාවලිය 2026 ජනවාරි මස 10 සහ11 යන දිනයන් වල ත්‍රිකුණාමලය වරායට සමීප සුන්දර චීනවරාය ගුවන් හමුදා ඊගල්ස් ගෝල්ෆ් ලින්ක් හිදී පැවැත්වීමට සියලළු කටයුතු සංවිධානය කර ඇත.
ශ්‍රී ලංකාව තුල සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීමේ කටයුතු සදහා නිරන්තර දායකත්වයක් ලබා දෙන Aviana Ceylon hotel සමූහය මෙම ගොල්ෆ් තරඟාවලිය සදහා ප්‍රධාන අනුග්‍රහය දරනු ලබන අතර මෙම තරගාවලිය තුලින් ශ්‍රී ලංකාව තුල සංචාරක ප්‍රවර්ධනයට ඉහල දායකත්වයක් ලබා දීමට බලා පොරෝත්තු වේ. මෙම අනුග්‍රහයට අදාල චෙක්පත පිරිනැමීම Aviana Ceylon hotel සමූහයේ සභාපති ආචාර්ය තිසර හේවාවසම් මහතා විසින් ගුවන් හමුදාපති ඒයාර් මාර්ෂල් බන්දු ඒදිරිසිංහ මහතා වෙත පසුගියදා ගුවන් හමුදා මූලස්ථානයේදී නිල වශයෙන් පිරිනමන ලදී .
මෙම තරගාවළිය සදහා ලියාපදිංචි කිරීම ආරම්භ කල දින සිට මේ දක්වා විදේශීය ක්‍රිඩක ක්‍රිඩිකාවන් හා දිවයිනේ සෑම ප්රදේශයක්ම නියෝජනය කරමින් දේශීය ක්‍රිඩක ක්‍රිඩිකාවන් 100 දෙනෙකුට අධික පිරිසක් සිය ලියාපදිංචිය තහවුරු කරගෙන ඇති අතර ඊගල්ස් මෝන්සූන් ආරක්ෂක අභියෝගතා කුසලානය වෙනුවන් තරග වැදිම සදහා ත්‍රිවිධ හමුදාව නියෝජනය කරමින් තරඟකරුවන් රැසක් ද මෙම තරගාවළිය සදහා සහභාගිවිමට නියමිතව ඇත.
මෙම තරඟාවළියේ ජයග්‍රාහක ජයග්‍රාහිකාවන් සදහා කුසලාන හා ත්‍යාග පිරිනැමිමේ උත්සවය 2026 ජනවාරි මස 11 වන දින ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් බන්දු එදිරිසිංහ මහතාගේ ප්රධානක්වයෙන් ගුවන් හමුදා ඊගල්ස් ගෝල්ෆ් ලින්ක් හි පැවැත්වීමට නියමිතව ඇත.