මිමුරේ විදුලිය නැතුව කළුවරේ..
මේ මස 22දා වන විටත් මිමුරේ ප්‍රදේශයට විදුලි ආලෝකය සපයාගැනිමට නොහැකි විමේ තත්නය මත එහි ජිවත්වන පවුල් 400කට කළුවරේ ජිවත්විමට සිදුව ඇති බව එම ප්‍රදේශයේ ජනතාව පවසයි.
පසුගියදා පැවති දිට්වා සුලිකුණාටුව හේතුවෙන් මෙම ප්‍රදේශයට විදුලිය විසන්ධි වි ගිය අතර ඊයේ වන විට ආහාර සැපයීම ගුවන් මගින් සිදුවිය.
මෙම ප්‍රදේශයේ ජනතාව සදහා ඖෂධ ඇතුළු අත්‍යාවශ්‍ය ද්‍රව්‍යය බෙදාදිමට රාජ්‍යය නිලධාරින්ට පාගමනින් යාමට ඇති බවද අඩුම තරමේ ට්රැක්ටරයකින් වත් යා නොහැකි ලෙසට මාර්ගයන් ආපදාවන් ට ලක්ව ඇති බවද වැඩිදුරටත් සදහන් වේ.