හදිසි ආපදා තත්වය හේතුව රජයේ සේවකයින්ට නිවාඩු ගැන චක්‍රලේඛණයක්..
ගංවතුර සහ හදිසි ආපදා තත්වයන් හේතුවෙන් රාජකාරියට වාර්තා කිරිමට නොහැකි වු රාජ්‍යය සේවකයින්ට විශේෂ නිවාඩු ලබාදීම සදහා ක්‍රියාකලයුතු ආකාරය සදහන් කරමින් රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය විසින් චක්‍රලේඛයක් නිකුත් කර ඇත.
එම චක්‍රලේඛයට අනුව පැවති සුලිකුණාටුව හේතුවෙන් සේවයට වාර්තා කිරිමට නොහැකි වු රාජ්‍යය සේවකයින්ට විශේෂ නිවාඩු ලබාදිමට ආයතන ප්‍රදානීන්ට උපදෙස් ලබා දි ඇත.
මෙම නිවාඩු මේ වසරේ නොවැම්බර් සහ දෙසැම්බර් මසට පමණක් හිමිවන බවත් ,වැඩිවිස්තර සදහා 0112699399/0112692158 යන දුරකථන අංකවලට අමතන ලෙසත් ඊට අදාල අයදුම්පත නිකුත් තර ඇති බවද එම අමාත්‍යංශය සදහන් කරයි.