පොල් ගසකට රැපියල් 10,000ක වන්දියක්..
පැවති ආපදා තත්වයන් සැලකිල්ලට ගනිමින් වන්දි ලබා දීමේදි පොල්ගසකට 10,000 ක වන්දියක් ලබාදෙන බවත් ,ඒ පිළිබදව රජයේ අවධානය යොමුව ඇතැයි පොල්වගා කිරිමේ මංඩලයේ සභාපති ආචාර්ය සුනිමල් ජයකොඩි පවසයි.
එසේම පොල් කර්මාන්තයද මෙම ආපදා තත්වයන්ට දරැණු ලෙසට මුහුණපා ඇති අතර පොල් වගාවන් සහ්බන්ධයෙන් සිදුව ඇති හානියන් පිලිබදව හැකි ඉක්මනින් තොරතුරැ ලබාදෙන ලෙසට එම මංඩලය වගා කරැවන් ගෙන් ඉල්ලීමක් කරයි.
සුලිකුණාටුව සහ ගංවතුර ආපදා තත්වයන් හේතුවෙන් පොල් ආශ්රිත කර්මාන්ත වලට සිදුවු හානිය රැපියල් මිලියන 157ක් ලෙසට ගණනය කර ඇති අතර එහා සම්බන්දය කර්මාන්ත 87ද සෘජුවම බලපැම සිදුව ඇති බව එම අධිකාරිය වැඩිදුරටත් සදහන් කරයි.