ශ්‍රිලංකාව මිල අධික පොසිල ඉන්ධන උගුලක සිරවෙමින් LNG බලාගාරයක් පවත්වාගෙන යයි..

LNG බලාගාරයක් පවත් වාගෙන යාමට පමණක් වසරක් තුලදී ඇ.ඩො. මි.1200 ක් වැය කරයි.
දේශීය පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් වෙත මාරුවීම වෙනුවට ආනයනික ඉන්ධන මත යැපීම වේගවත් කරන යටිතල පහසුකම් සඳහා රට ආයෝජනය කරමින් සිටී. ලං .වි. ම. දිගු කාලීන ජනන සැලැස්ම රටේ අනාගත බලශක්ති ප්‍රවනතාවයන් කෙරෙහි දක්වා ඇත්තේ තිරසර ක්‍රමවේදයන් නොවේ.350MV ක ධාරිතාවකින් යුත් ” සොබාදනවි” ඩීසල් මත ධාවනය වන නමුත් එය LNG සඳහා නිර්මාණය වූවකි. මෙහි තවත් බලාගාරයක් BOOT පදනම යටතේ නිර්මාණය කරමින් පවතී. ගැටළුව පවතින්නේ සූර්ය බලශක්තිය සුළං මෙන්ම බැටරි බලශක්ති ගබඩා පද්ධති සමඟ පුනර්ජනනීය බලශක්ති ප්‍රභව පිළිබඳව ගැඹුරින් දකින්නේ නම් හරිතාගාර වායු විමෝචනය කරන බලාගාර වලට ඉඩ දෙන්නේ ඇයි? ද යන ප්‍රශ්නය යි. වහල මත ස්ථාපිත සූර්ය බලශක්ති පද්ධති අධෛර්යමත් කරමින් රජය ප්‍රතිපත්ති සකසා ඇත. පාරිසරික බලපෑම් තක්සේරුකරණ ක්‍රියාවලිය මගහැර යාම සඳහා විශාල ව්‍යාපෘති කුඩා ව්‍යාපෘති වලට කොටස්කර ආයෝජ කයින්ට ක්‍රියාත්මක කිරීමට උපදෙස් දී ඇත. හම්බන්තොට 150MW ක සූර්ය බල ව්‍යාපෘතියක් කුඩා පරිමාණ ආයෝ ජකයින් 12 දෙනෙක් අතර බෙදා දීම එක් උදාහරණය කි. අපේක්ෂිත ඉන්ධන භාවිතයෙන් තොරව විකල්ප ඉන්ධන යොදා ගනිමින් ඒවා ක්‍රියාත්මක කිරීම ආර්ථික වශයෙන් අවාසි සහගත සහ පාරිසරික වශයෙන් විනාශකාරී සහ අදුරදර්ශී පියවරක් වන අතර එවැනි ව්‍යාපෘති මහජන මත විමසුමට ලක් කළ යුතු බව පරිසර යුක්ති කේන්ද්‍රයේ අදහසයි.

මෙම මාධ්‍ය හමුවේදී පරිසර යුක්ති කේන්ද්‍රයේ සභාපති හේමන්ත විතානගේ , විධායක අධ්‍යක්ෂ දිලෙන පාත්‍රාගොඩ, පරිසර නිලධාරි ඉන්දික රාජපක්ෂ කරුණු දැක්වීය.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *