ව්‍යසනයට පත් ජනතාවට සහන සලසයි..
ව්‍යයසනය මැද මනුෂ්‍යත්වය යන මැයෙන් අසිරි හදවත් හෙවත් GLoRIOUS HEART සංවිධානය කාලගුණික විපර්යාස තත්වය හේතුවෙන් පීඩාවට පත් වු ලාංකීය ජන ප්‍රජාව වෙනුවෙන් සහන සැලසීමේ වැඩසටහනක් මේ දිනවල දිස්ත්‍රික්ක ගණනාවකම ක්‍රියාත්මක වෙමින් පවති.
එම මානුෂිය වැඩසටහන කොළඹ,පුත්තලම,අනුරාධපුර ,බදුල්ල,පොලොන්නරැව,මඩකලපුව,ත්‍රිකුණාමලය යන දිස්ත්‍රික්ක වල මේ දිනවල ක්‍රියාත්මක විය.
මෙම වැඩසටහන යටතේ පිඩාවන්ට පත්වු ජවතාව වෙත සහනයන් සලසමින් ආහාර ද්‍රව්‍යය,සනීපාරක්ෂක ද්‍රව්‍යය බෙදා දීම මුල්කර ගනීමින් ක්‍රියාත්මක වු අතර ගංවතුර තත්වයන් හේතුවෙන් හානිදායක තත්වයට පත් වු නිවාස පිලිසකරනය කිරිම,රෝහල් හා පාසල් පිලිසකරනය කිරිම සහ සෞඛ්‍යය සායනයන් පැවැත් වමින් ඖෂධ ලබාදිමද මෙහි ක්‍රියාත්මක කල වැඩසටහන් වු බව එම සංවිධානය පවසයි.