විදුලි පරිභොගිකයින්ගෙන් 30%ක් බලපැමකට ලක් වෙලා..
පවතින කාලගුණික විපර්යාසයන් හේතුවෙන් සිය විදුලි පාරිභෝගික ජනතාවගෙන් 30%ක ප්‍රමාණයක් බලපැමකට ලක්වි ඇති බවත් එම පිරිස අතර ඌව පලාතට තදින්ම මෙම හානිදායක තත්වය උදාවි ඇති බවද බලශක්ති අමාත්‍යය ඉන්ජිනේරැ කුමාර ජයකොඩි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍යය හමුවේදි හෙළි කලේය.
මෙම විදුලි හානි අතර ඇතැම් සම්පෙු්ෂණ පද්ධති ගසාගෙන ගොස් ඇති අතර මෙම හානි අවම කර ගනිමින් යථා තත්වයට පත් කිරිම එලබෙන 10 වනදා වන විට නිම කිරිමට බලාපොරොත්තු වන බවද ඔහු සදහන් කලේය.