වට්සප් භාවිතා කරනවා නම් අවධානයෙන් ඉන්න..
වට්සප් පහසුකම හරහා මේ දිනවල විවිධ ආකාරයේ මුල්‍යය අක්‍රමිකතා සිදුවන බවත් ,එසේ සිදුවන අක්‍රමිකතා පිලිබදව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට ලැබෙන පැමිණිලි ප්‍රමාණය වැඩිවිමක් දකින්නට ලැබෙන බව වාර්තා වේ.
වට්සප් හරහා සිදුවන මෙම ජාවාරම සම්බන්ධයෙන් එම දෙපාර්තමේන්තුවේ සහකාර පොලිස් අධිකාරි ඩබ්ලිව් .ජි.ජයනෙත් සිරි පවසන්නේ වත්මන් සමාජය තුල පිලිගත් තනතුරු සහ සංවිධාන වි ඇති ජාලයන් වල වට්සප් අංක සොයාගෙන zoom meeting එන ලෙසට ආරාධනා කරන බවත් ඒ සදහා ad වුවහොත් ලබාදෙන අංකයන් හරහා සම්බන්ධ විමේදි අදාල වට්සප් අංකයන් හැක් කිරිමටද ඒ හරහා තමන් විදියට අත්පත් කරගත් වට්සප් ගිණුම හරහා මුදල් ලබාගැනීමට ඉල්ලන බවයි.
ඇතැම් වට්සප් ගිණුම් හිමියන් මෙයට නිරායාසයෙන්ම අසුවන බවත් මුදල් ඒහරහා දැමීම සිදුකරන බවත් එසේ මුදල් දැමු බැංකු ගිණුම් පිලිබදව සොයා බැලීමේදී එම මුදල් ද අදාල ගිණුම් වලින් ලබාගෙන ඇති බව තොරතුරැ අනාවරණය වි ඇත.
එම නිසා වට්සප් පහසුකම භාවිතාකරන සැම දෙනාම ඉතා අවධානයෙන් තම වට්සප් භාවිතා කලයුතු බව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව පවසයි.