වාර ප්‍රවේශපත්‍ර හිමියන්ට දුම්රියෙන් සහනයක්..
පැවති ආපදා වාතාවරණය හේතුවෙන් දුම්රිය හරහා ගමනා ගමනය කරන වාර ප්‍රවේශපත්‍ර හිමියන්ට සිදුවු බාධාවන් පසුබිම් කරගෙන මෙම වසරේ නොවැම්බර් මසට වලංගු මාසික හා ත්‍රෛමාසික ප්‍රවේශ පත්‍ර හිමියන් සදහා මේ මස 7දා දක්වා තම ප්‍රවේශපත්‍රය දිර්ඝ කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.
ආපදා තත්වය මත පසුගිය මාසයේ දින කිහිපයක්ම දුම්රිය අවලංගු කිරිමට සිදුවිම මත ඉන් අපහසුතාවයන්ට පත් වු ජනතාවට සහනයක් ලෙසට මෙම තිරණය ගත් බව දුම්රිය දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සදහන් කරයි.