උඳුවප් පොහොය දිනෙන් ඇරඹෙන සිරිපා සමය
සමනොල ගිර හෙවත් ශ්‍රීපාදස්ථානය බෞද්ධ ජනතාව මෙන්ම අඅන්‍යාගමිකයන්ගේද වන්දනාමාන වලට ලක්වන පූජනීය ස්ථානයකි.බුදු හිමියන්ගේ වන් සිරිපතුලේ ස්පර්ශය ලැබුවාවු උතුම් වූ සමනොළ ගිර් එදා මෙන්ම අදද නොකඩවා වන්දනාමාන ලබනා ස්ථානයකි.අවුරුද්දක අවසාන පොහොය දින වන උඳුවප් පොහොය දිනක සිරිපා වන්දනා සමය ආරම්භ වන අතර එය ඊලඟ අවුරුද්දේ වෙසක් පොහෝ දිනෙන් අවසන් වන අතරම ඇතැම් වන්දනා නඩ සහ තනිවම වන්දනා කරන්නන් අවාරයේද වන්දනා කරන්නට පෙළඹී තිබෙනවාඋතුම් වූ සිරිපාදය වන්දනා කිරීමට ප්‍රධාන වශයෙන් භාවිතා කරන මාර්ග කිහිපයක් පවතින අතරම ඉන්
හැටන් – නල්ලතන්නි මාර්ගය
රජමාවත (පලාබද්දල)
කුරුවිට- එරත්න මාර්ගය (මෙම මාර්ගය අනෙක් මාර්ග දෙකටම වඩා දුෂ්කර වන අතර සොභාදහමේ සුන්දරත්වය නොමඳව විඳගත හැකිවන මාර්ගයකි.ශ්‍රී ලංකාවේ සබරගමුව පළාතේ රත්නපුර දිස්ත්‍රික්කයේ පිහිටා ඇති සමනොළ ගිර ලංකාවේ උසම කඳු අතරින් තෙවැනි ස්ථානය ලබා සිටිනා සමනොළ ගිර උස මීටර් 2243ක් වේ.දෙස් හා විදෙස් ජනතාවගේ අතිශය වන්දනාවට ලක්වන සිරිපාදය සමන්ත කූඨ හා රත්නගිරි යන නාමවලින්ද හඳුන්වනු ලබයි.
ඉතා මනරම් වූ සොභාව පරිසරයකින් හා අතිශයින්ම වටිනා ජෛව විවිධත්වයක් ඇති සමනොල ගිර අවට සොභාදහම නා නා ප්‍රකාර වෘක්ෂලතා මෙන්ම අගනා පක්ෂීන් කෘමීන් මෙන්ම වෙනත් සතුන්ගෙන්ද ගහණය.ඉතිහාසයට අනුව පළමු සිරිපා වන්දනාවට පැමින ඇත්තේ ක්‍රි.පූ.29-17 අතර කාලයේය.එකල රජකම් කළ වළගම්බා රජතුමාද සිරිපතුල වන්දනා කර ඇති බව පුරාණ ලියවිලි වල සඳහන්ව තිබේ.එතුමා ශ්‍රීපාදස්ථානයෙ දියුණුවට අතිශය සේවයක් ඉටුකර ඇති බවත් සඳහන් වෙනවා.සිරිපාද වන්දනාව ගැන සඳහන්ව ඇති පැරණිතම සෙල්ලිපි අතරින් පළමුවන විජයබාහු රජු විසින් පිහිටුවන ලද අඹගමුව සහ ගිලීමලේ යන ප්‍රදේශවල ඇති සෙල්ලිපි ද්විත්වය අතිශයින්ම වැදගත්කමක් දරයි.එහෙත් සිරිපාදය ගැන මුලින්ම ලියන ලද සාක්ෂි හමුවන්නේ හතරවන සියවසයේ රචිත පුරාතන ග්‍රන්ථක්වන දීපවංශයේය.කෝට්ටේ යුගයේ ලියූ සැළලිහිණි සංදේශයේ සිරිපාදය ගැන සඳහන්ව තිබේ.
අතීතයේ අප මුතුන් මිත්තන් සිරිපාදය වන්දනාවට පැමින තිබෙන්නේ ද සිය දේපල හරක බාන ඇතුලු අනෙකුත් වටිනා දේ සිය දරුවන්ට පවරා බවට ඇතැම් අය කියා සිටින්නේ එකල මෙම මාර්ගවල තිබූ අනතුරු සහගත බාවය හා දුශ්කරතා ගැන සිතාගෙන බව උපකල්පනය කල හැක. අද එතරම් ම දුශ්කරතා නැති වුවද ඇතැම් ස්ථාන වලින් ගමන් කිරීමේදී අතිශය ප්‍රවේශමෙන් ගමන් කල යුතුව පවතී.උතුම් ස්ථානයක්වන සිරිපතුල වන්දනා කිරීමට බාල මහලු සෑම පිරිසක්ම පේවී පැමිනෙන අතර ඔවුන්ට සංග්‍රහ සහ අසනීප වලදී ඉක්මන් සේවය ලබා දීමටද ඇතැම් ස්වේච්ඡා සංවිධාන සූදානම්ව සිටී.මෙහි පැමිනෙන පිරිස් සිරිපාදය වන්දනා කිරීමට ප්‍රථමව සීත ගගුලෙන් ස්නානය කොට පේවී ගමන් කිරීම මෙරට ජනතාවගේ සිතේ මේ ස්ථානයට ඇති භක්තිය ගැන සාක්ෂිදරයි.එකිනෙකා එකිනෙකාට උදව් කරගනිමින් කටවහරට සීමා වූ කවි කියමින් මේ ගමනට දිරි ගන්නා අයුරුද මෙහි යනෙනා අයෙකුට දැකිය හැක.එමෙන්ම සිරි පතුල වන්දනා මාන කිරීමේදී ඕනෑම ස්වභාවික පරිසර පද්ධතියකට වින කටිනා ප්ලාස්ටික් හා පොලිතින් මාරයා ගෙන ඒම අවම කල යුතුය.එමගින් වසර ගණනාවකට නොදිරන පොලිතීන් හා ප්ලාස්ටික් වලින් වන හානිය වලක්වා අපට උරුවම ඇති මේ ජාතික උරුමය ආරක්ෂා කල හැකිය.අතිශයින්ම සංවේදී ගංගා වලට උත්පත්තිය ලබා දීමටද දායක වන සමනොළ ගිර අප අනාගත දරුවන්ගේද උරුමයකි.
සැළලිහිනි සංදේශයේද සමනොළ ගිර ගැන මෙලෙස දැක්වේ..
සුරරද සමන් සමඟින් සුරඟන එවර
පැහැ නද මදාරා පරසතු මල් පතර
කරුපුඳ වඳින රැඳි මුනි සිරිපා තඹර
සකිසඳ පෙනේ සමනොළ ගිර නැගෙනහිර
ජාතියේම ගරු බුහුමන ලක්වන අතිශයින්ම පූජනීය ස්ථානයක් වන උතුම් වූ සිරිපාදය අදද හෙට හා හෙටින් උපදින මතු අනාගතයටද ප්‍රවේශම් කර සුරක්ශිත කර ලබා දීම කාලීන යුතුකමකි.
ඈන් මිලිනි රෝශිනී