UBER පාරිභෝගිකයන්ට වගකියන්නේ කවුද..
UBAR හරහා අගතියට පත්විමට තිබෙන ඉඩකඩ ඇති බව සදහන් කරමින් CIVIC NEST සංවිධානය නිවේදනයක් නිකුත් කර ඇත.
එම සංවිධානය පවසන ආකාරයට ඇමරිකානු ආයතනයක් වන මෙම ආයතනය ලංකාව තුලදි ඉන්දියානු උපසමාගමක් විසින් මෙහෙයවනු ලබන අතර එය පරිශිලනය කරන ලංකීය ප්‍රජාවගේ ආරක්ෂාව තහවුරැ කිරිම සදහා ලංකාව තුල කිසිදු වගකිව යුත්තෙක් නොමැති බවද සදහන් වේ.
කොළඹ 7,බෞදධාලෝක මාවතේ වාහන නැවතුම් ගොඩනැගිල්ලක පවත්වාගෙන යන ලබන මෙම ආයතනයේ වෙළද නාම පුවරැවක්වත් දකින්නට නැති අතර මේ ආයතනයෙන් සේවය ලබාගන්නා ලාංකීය පාරිභෝගිකයින්ට වගකියන්නෙ කවුරැන්ද යන්න ප්‍රශ්ණ සහගත බව ද සදහන් වේ.