PICK ME විරෝධය නුවරඑළියෙන් මතු වෙයි..
නුවරඑළිය දිස්ත්රික්කයේ සමස්ත කුලිරථ හිමියන්ගේ සම්මේලනයේ සාමාජිකයින් විසින් නුවරඑළිය නගරයට PICK ME සේවාවඅවශ්ය නොවන බව පවසමින් ජනාධිපතිවරයාට භාරදිම සදහා සංදේශයක් නුවරඑළිය දිස්ත්රික් ලේකම්වරිය වෙතට භාරදි ඇති බව සදහන් වේ.
නුවරඑළිය සදහා පැමිණෙන සංචාරකයින් ඉතාමත් නොවටිනා මිල ගණන්වලට ප්රවාහනය කිරිම මත තමන් දැඩිලෙසට පීඩාවන්ට ගොදුරු වන බව එම කුලිරථ හිමියෝ පවසන අතර නුවරඑළිය තැපැල් කාර්යාලය අසල පැවති විරෝධතාවය සදහා කොත්මලේ,රාගල, කදපල,වලපනේ යන ප්රදේශවලින් ද කුලිරථ රියදුරන් සහභාගි විමද අපට දැකගත හැකි විය.