ජාල පහසුකම් සපයන ජංගම දුරකථන සමාගම් වලට එරෙහිව පැමිණිල්ලක්

ජංගම දුකථන ජාල පහසුකම් සපයන සමාගම් සිය පාරිභෝගික ජනතාව වෙතට තම ජාලයන් මගින් ඇමතීමට ණයපහසුකම් ලබාදිමේදි දෛනිකව 17% සිට 20% දක්වා ගිනිපොලියක් අයකර ගනු ලබන අතර ,එසේ අයකිරිමේ දි එම දුරකතන සේවාවන් ලබාගන්නා පාරිබෝගික යින් වන අප දැඩි ලෙසට අපහසුතාවයන්ට පත්වන බව සදහන් කරමින් youth for chenge සංවිධානයේ ලහිරැ වීරසේකර විදුලිසංදේශ නියාමන කොමිසම වෙතට පැමිණිල්ලක ඉදිරිපත් කෙරැණි.

එහිදි වැඩිදුරටත් මාධ්‍යය වෙතට අදහස් දක්වමින් කියා සිටියේ මෙම ණය ක්‍රමයහදුන්වා දුන් මුල් කාලයේ දි මේ ආකාරයට අයකලේ නැති බවකි.

මේ ජංගම දුරකථන සමාගම් කරනුලබන මගඩිය නවතා දැමිමට කටයුතු කරන ලෙසට මැදිහත් වන ලෙසට එම කොමිසමින් ඔහු ඉල්ලාසිටිමින් පැමිණිල්ලක් ඉදිරිපත් කලබව සදහන් වේ.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *