මාධ්‍යවේදි තිලිණගේ මානව අයිතිවාසිකම් කඩකල පොලිස් නිළධාරින් තිදෙනෙකුට දඩ..
මාධ්‍යවේදි තිලිණ රාජපක්ෂට අලව්ව පොලිසියේ සැරයන් වරැ දෙදෙනෙකුට සහ කොස්තාපල් වරයෙකු විසින් පහර දි බැණවැදි අමානුෂික ලෙස සැලකීම හේතුවෙන් ඔහුගේ මුලික අයිතිවාසිකම් කඩවිම මත ශ්‍රේෂඨාධිකරණය මගින් එම පොලිස් නිළධාරින් තිදෙනා වරදකරැවන් කෙරැණි.
අදාල නිළධාරින්ගේ පෞද්ගලික මුදලින් 25,000 බැගින් රැපියල් 75000ක් ගෙවන ලෙසට නියෝගයක් ලබාදිඇත.
එසේම අදාල පොලිස් නිළධාරින් තිදෙනාගේ ක්‍රියාකලාපය හේතුවෙන් අපරාධ විමර්ශණයක් පැවැත්වියයුතු බවත් ඒ පිළිබදව සොයාබලන ලෙසට ශ්‍රෙෂ්ඨාධිකරණය විසින් නෘතිපතිවරයාට නියෝගයක්ද ලබා දි ඇත.