කට නිසා වෛද්‍ය බෙල්ලන වැඩ තහනමට..
රජයේ වගකිව යුතු තනතුරක් දරමින් සිටිමින් රජයේ වෛද්‍ය නිළධාරියෙකු වු කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍යය අධ්යක්ෂ ලෙස එවකට රාජකාරි කල වෛද්‍ය බෙල්ලන සෞඛ්‍ය ජනමාධ්‍ය අමාත්‍යංශය විසින් වැඩතහනමට ලක් කර ඇත.
ඔහු විසින් මාධ්‍යය ඔස්සේ රටතුල ආන්දෝලනයකට තුඩු දෙන ලෙසට කල ප්‍රකාශයන් හේතු කරගෙන අදාල අමාත්‍යාංශයේ බලධාරින්ගේ නිසි අවසරයක් නොමැතිව මාධ්‍යයට ප්‍රකාශයක් නිකුත් කිරිම මුල්කරගෙන මෙලෙස වැඩතහනමට ලක්කල බව සදහන් වේ.
ඉදිරියේදි විධිමත් ආකාරයට මුලික විමර්ශනයක් ඇරබිමට නියමිත බවද ඔහුට ලිඛිතව දන්වා ඇති බවද වැඩිදුරටත් සදහන් කර ඇත.